දිල් ගේ ලියුම ගල් වෙයිද………..

dilrukshi-with-presidentඅල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපති කාර්යාලය වෙත බාරදී ඇතත්, ජනාධිපතිවරයා විසින් මේ වන තෙක් එය භාර ගෙන ඇත. සාමන්‍යයෙන් මෙවැනි ඉල්ලා අස්වීම් පිළිබඳව ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වීම පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායයි. අගමැතිවරයා දිවයිනට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. මේ මොහොතේ දෙපාර්ශ්වයම ක්‍රමෝපායික කඹ ඇදිල්ලක නිරතව සිටින බවක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා ඉල්ලීමක් කළහොත්, ඉල්ලා අස්වීමේ තීරණය හකුලා ගන්නා බව ඇය තම හිතවතුන්ට දැනුම්දී ඇතැයි ඇයට සමීප ආරංචි මාර්ග කියා සිටී .

තනතුරින් ඉල්ලා අස්වීමට ඇය විසින් ගනු ලැබූ තීරණය අගමැතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බවත් වාර්තාවේ. අනෙක් අතට ජාතික හෙළ උරුමය ලවා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සාධාරණීකරනය කොට දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මියට ඉල්ලා  අස්වීමට සලස්වා FCID වෙතින් රාජපක්ෂවරුන් ඇතුළු පිරිසට එල්ල වී ඇති අභියෝගය ඉවත් කරගැනීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතර මේ අතර, යහපාලනය බලයට ගෙන ඒමට උර දුන් පුරවැසි සංවිධාන එකමුතුවේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ ඇති වූ අයහපත් බලපෑම ඉවත්කිරීම සඳහා ජනාධිපතිවරයා වහාම තම ප්‍රකාශය නිවැරදි කළ යුතු බවත් ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.