දුම්රියට ගැසූ ගල් පහරකින් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මරුට

train2හදිසි රාජකාරි කටයුත්තක් සදහා කොළඹ පැමිණි උතුරුමැද පළාතේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් සිය රාජකාරි කටයුතු නිම කර නැවත නිවස බලා යෑමට රජරට රැජිණ දුම්රියෙන් ගමන් කරද්දී එල්ලවූ ගල් පහරක් නිසා ඊයේ (7)  මරුමුවට පත්වූයේය.

අනරාධපුර පුලියන්කුලමේ පදිංචි කේ.එල් පුෂ්පකුමාර නැමැති මේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා රාජකාරිය සදහා කොළඹ පැමිණ ඇත්තේ පසුගිය 03 දාය.  රාජකාරි නිමා කර කොළඹ කොටුව සිට වවුනියාව බලා ධාවනය වූ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියක ජනේලයක් අසල ගමන් කරමින් සිටියදී   කැලණිය හා වනවාසල අතරදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇත.

ඉන් අනතුරුව දුම්රිය කාර්ය මණ්ඩලය ඔහුව රාගම රෝහලට ඇතුළත් කිරීමට උත්සාහ කර තිබේ. එහෙත් එය ප්‍රතික්ෂේප කළ හෙතෙම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇත. එහිදී ශල්‍ය කර්ම කීපයක් කර තිබුණද ඔහු ඊයේ මිය ගියේය.

ගල් ප්‍රහාරය එල්ල කළ වුන් ගැන තොරතුරක් නැත.

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.