දුමින්ද දැක්මට ගිය විනිසුරු අයේෂාට අනිවාර්ය නිවාඩු………………..

duminda-33බන්ධනාගාර රෝහලට ගොස් එහි රඳවාගෙන සිටින භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඇතුළු සිව් දෙනකු ඝාතනය කැර මරණීය දඬුවම් නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හමුවූ බව කියන කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ සේවා කොමිසමෙන් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇත. මෙම සිද්ධියට අදාළව පුවත්පත් ඇතුළු මාධ්‍යවල පසුගිය දිනවල විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර එම සිද්ධි සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ සභාපති අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඇතුළු විනිසුරුවරු සාකච්ඡා කළහ. භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් පුද්ගල ඝාතනයට වරදකරු වී මරණ දණ්ඩනය නියමව සිරගතව සිටින දුමින්ද ආර් සිල්වා බන්ධනාගාර රෝහලේදී අවේලාවේ දෙවතාවක්ම හමුවී ඇති බව විනිසුරුවරිය පිළිගත් බව
වාර්තා වී ඇත.

දුමින්ද සිල්වාට ස්නායු ආබාධයක් තිබෙන බවත් ඊට ප්‍රතිකාර කිරීමට බන්ධනාගාර රෝහලේ ප්‍රතිපාදන නොමැති බවත් බන්ධනාගාර රෝහලේ ප්‍රධානියා තමන් සමග කියා සිටි බවද ඇය පවසා ඇත. හෙළිදරව් වී ඇති පරිදි වැරදි කරන සිරකරුවන් ගැන හොයන ප්‍රිස්න් ට්‍රයිබියුනලයේ කටයුතු පමණක් බාර ආබ්දීන් විනිසුරුවරියට සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය, සුබ සාධනය ගැන සොයා බැලීමට බලයක් නොමැත. ඒ අනුව ඇය දුමින්ද සිල්වාගේ, තිස්ස අත්තනායකගේ, වාස් ගුණවර්ධනගේ සුබ සාධනය ගැන සෙවීමම නීතියට පිටින් බලතල ඉක්මවා කටයුතු කිරීමක් විය හැකි බව මතයක් පල වී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.