දෙමළ අන්තවාදීන් විසින් විනාශ කළ ත්‍රී මලේ බුදු කුටිය යළි පිහිටුවයි…

TB2අන්තවාදී ද්‍රවිඩ කණ්ඩායමක් විසින් පසුගිය 10 දා රාත්‍රියේ දී කපා විනාශ කර දැමූ ත්‍රී කුණාමලය නිලාවේලි  මාර්ගයේ සම්බල්තිව් ප්‍රදේශයේ පිහිටි බෝධිය අසල නව බුදු කුටියක් පිහිටුවා බුදු පිළිමයක් තැන්පත් කිරීම ඊයේ (12)  සිදුවිය.

ත්‍රී කුණාDSCN4915මලය දිසාපතිවරයාගේ උපදෙස්පිට මෙම බුදු කුටිය ඉදිකර බුද්ධ ප්‍රතිමාව තැන්පත් කෙරිනි. කපා දැමූ බෝධියෙන් අංකුරයක් උපදවා ගැනීම සදහා බෝධියේ මුල ආවරණය කර පස් යොදා සංරක්ෂණය කිරීමට කටයුතු යොදා තිබේ.

මීට විසි වසරකට පමණ පෙර මෙම ස්ථානයේ බෝධීන්වහන්සේ රෝපණය කර තිබුණේ සම්බලතිව් මාර්ග බාධකයේ රාජකාරි කළ හමුදා සෙබලුන් විසිනි. බෝධිය විනාශ කළේ මීට සති දෙකකට පෙර සම්බලතිව් හමුදා   මාර්ග බාධකය ඉවත් කිරීමෙන් අනතුරුවය .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.