දෙමළ ඩයස්පෝරාවෙන් වැලිඅමුණට බිලියන 27 ක්…

Briberyදැනට අධිකරණය ඉදිරියේ ඇති පුද්ගල පැහැරගැනීම් හා කප්පම් සිද්ධියකට අදාල නාවික හමුදාවට එරෙහි නඩුව, එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබද නඩුව, ජෝෂප් පරාජසිංහම් ඝාතනය, රවි රාජ් ඝාතනය, හා ලසන්ත වික්‍රමසිංහ ඝාතන නඩුව සම්බන්ධව කටයුතු කිරීම සදහා  රුපියල් බිලියන 27 ආසන්න මුදලක් දෙමළ ඩයස්පෝරාව විසින් ජේ.සී වැලිඅමුණ ඇතුළු කණ්ඩායමකට ලබා දුන් බවට වූ රහස් වාර්තාවක් රජයට ලැබී ඇතැයි වාර්තා වේ.

නේවි සම්පත් ඇතුළු ඝාතන කල්ලියක් කළ බවට සාධක සහිත කප්පම් හා ඝාතන සිදුවීමට නාවික හමුදාවම සම්බන්ධකරගෙන ජාත්‍යාන්තරයට රැගෙන යෑම, රවිරාජ්, ජෝෂප් පරරාජසිංහම්, ලසන්ත වික්‍රමතුංග ඝාතන රාජ්‍ය හමුදාවෙත බැර කර ජාත්‍යාන්තරය හමුවේ ප්‍රශ්නකාරී තත්වයක් උපදවීමේ අරමුණු මත මෙම කොන්ත්‍රාත්තුව දෙමළ ඩයස්පෝරාව විසින් ලබා දී ඇතැයි හෙළි වී තිබේ.

පරරාජසිංහම් ඝාතනය සම්බන්ධව පිල්ලයාන්ද, රවිරාජ් ඝාතනයට සම්බන්ධ තිදෙනෙක්ද, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව හමුදා පිරිස්ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සම්බන්ධව ඩී.එන්.ඒ පරීක්ෂණ කර ඝාතකයන් සොයා ගැනීමට විද්‍යානුකූල අරමුණක් නොමැති වීමත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර  අපරාධ අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරින්ගේ පුදුම එළවනසුළු හැසිරීමත් නිසා මේ නඩු අතාර්කිකව ඇදී යන ආකාරයක් පෙනෙන්නට ඇතැයි මැදිහත් මත ධාරීහු පවසති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.