දෙව්මි යළි මතුවෙයි

fbf9පෙරේදා දිනයේ සමාජ ජාල තුලද ඉහළ පෙලේ ඇතැම් වෙබ් අඩවි තුල ද කතා බහට ලක්වුයේ දෙව්මි සේයා නම් තරුණිය Facebook හරහා මිතුරු වූ පෙම්වතෙකු නිසා මිය ගොස් ඇති බවයි.

පසුව මේ වන විට එම පුවත කිසියම් පුද්ගලයෙකුගේ පුද්ගලික වුවමනාවක් මත ප්‍රචාරය කරන ලද්දක් බවත් එවැනි මරණයක් සිදු වී නැති බවත් වාර්තා වේ.

එම මරණය පිලිබඳ තිබුනේ ඡායාරූප කිහිපයක් පමණි.

එහි ඡායාරූප වල තරුණිය මියගොස් මිනී පෙට්ටියක සිටින ආකාරය හා මළගෙදරක ඡායාරූප දක්වා තිබු අතර මේ වන විට වාර්තා වන්නේ එම ඡායාරූප ඇයගේම ද යන්න සැක සහිත බවයි.තව ද එම ඡායාරූප කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ මළගෙදර දී ලබා ගත් ඡායාරූප බව ද හඳුනාගන්නට ලැබේ.

මෙම තරුණියගේ නම දෙව්මි පෙරේරා,දෙව්මි රත්නායක හා දෙව්මි සේයා ආදී වශයෙන් සටහන්ව තිබු අතර මෙලෙස පෙම්වතිය මිය යන්නට හදනවා යන්න සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකට කල ඇය පෙම්වතා සමග තිබු පෙම්පලහිලව්ව බේරුමක් කිරීමට යොදා ගත් බාල උපායක් ලෙස ද මෙය හදුනාගන්නට ලැබේ.

මියගොස් ඇති බව කියූ දෙව්මි පෙරේරාගේ Facebook ගිණුම සිකුරාදා සවස යළි පනගැන්වී තිබු අතර එහි ඡායාරූප ද සංස්කරණයට ලක්ව ඇත.

ව්‍යාජ නමකින් පෙනී සිටි අයෙකු එහි සටහන් තබා ඇත්තේ පොලිසිය විසින් ගිණුම පරික්ෂා කිරීම හේතුවෙන් එය සක්‍රීය වූ බවයි.එහෙත් එවැන්නක් පොලිසිය මගින් සිදු නොකරන බව වාර්තා වේ.

fbf16

 

 

 

 

 

 

 

 

කෙසේ වුව ද එම හේතුව නිසා සෝ සුසුම් හෙලමින් ඇගේ පෙම්වතාට දෙස්දෙවොල්  තැබූ Facebook ඇඩ්මින්වරු මෙන්ම සෙසු පිරිස ද ඇය කල රංගනය මෙන්ම මාධ්‍ය ආයතන උපහාසයට ගෙන ඇති ඡායාරූප රැසක් පහතින්

fbf1 fbf2 fbf3 fbf4 fbf5 fbf6 fbf7 fbf8 fbf10 fbf11 fbf12 fbf13 fbf14 fbf15 fbf17

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.