දෙසැම්බරයේ කහ ඉරි සුදු වෙයි………….

yellow-linesමෙරට මාර්ගවල පදික මාරුව සඳහා ඇති ‘කහ ඉරි’ ලබන දෙසැම්බර් 01 වැනිදා සිට අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයට අනුව සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, එහි පළමු පියවර ලෙස දෙසැම්බර් 01 වැනිදා කොළඹ මහ නගර සභාවේ රථ වාහන අංශයේ ඉංජිනේරු ඒකකයේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ඇති කහ ඉර සංකේතාත්මකව සුදු පැහැයට හැරෙනු ඇති බව සඳහන්ය.

ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඉන් අනතුරුව අදාළ වර්ණ ගැන්වීම් අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දිවයින පුරා සිදුකෙරේ.

කහ ඉර ගීතයකට නිමිත්තක්වුන මොහොතක්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.