දෝනිගේ නායකත්ව පාඩම

Ms-dhoniබංගලාදේශය හා ඉන්දියාව අතර විස්සයි 20 සුපිරි 10 දෙනාගේ වටයේ තරගයක් ඊයේ (23) පැවැත්වුනි. සියල්ලන්ම වගේ අපේක්ෂා කලේ ඉන්දියාවේ පරාජයය.

කාසිය වාසිය දිනු බන්ගලියන් පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කලෝය.  ඉන්දියාව බංගලාදේශය හමුවේ ලබා දුන්නේ ලකුණු 145 ක ඉලක්කයකි.

බංගලාදේශය යනු වත්මන් ක්‍රීකට් හි පෙරළිකාරයෝ බව සෝම දනිති. ඔවුන් ඉතා දක්ෂ ලෙස තරගයට අවතීරණ වෙමින් අවසන් පන්දුවාරය එළබෙන විට ජයග්‍රහණයට ලකුණු 11 ක් පිටුපසින් සිටියහ.

කොතරම් දක්ෂ කණ්ඩායමක් වුවත් පවතින විස්සයි 20 සංස්කෘතිය තුල අවසන් පන්දුවාරයක ලකුණු 11 යනු කිරි කජු වැඩක් බව ගමේ ක්‍රිකට් බලන ආතලා පවා දනිති.

තරගය ඇරඹෙන්නේ 20 වෙනි පන්දුවාරයේදීය. පළපුරුදු ක්‍රීඩකයන් අත පන්දුවාර ඉතිරිව තිබියදී ඉන්දියානු නායකයා ගනු ලබන්නේ ක්‍රිකට් ලෝලීන් විශ්මයට පත්කරමින් පාන්ඩේ වය.

දෝනි දල එලීම ඇරඹුවේය. පදුවෙන් පන්දුවට පන්දු රකින ස්ථාන මාරු කරමින් පීඩනය එල්ල කෙරුණි. එහෙත් පළමු පාඩු තුනම බන්ගලියන් ජය ගත්හ. ලකුණු 11න් ලකුණු 9ක්ම පළමු පන්දු 3දි ඔවුන් දහා ගැනීමට සමත් විය.

පන්දු 3 ට ලකුණු 2ක් තිබියදී වෙනත් කිසිවෙකුනම් තරගය අත් හැර හමාරය. එහෙත් මේ දෝනිය. මහේන්ද්‍ර සිං දෝනිය.

ඔහු නැවත පිටිය සකසමින් සිටී. සැවොම භයානක යෝකෙර් පන්දුවක් හෝ බවුන්සේර් පන්දුවක් බලාපොරොත්තුවෙන් සිටියහ. එහෙත් දොනීගේ දැක්ම නිවැරදි විය ලබා දුන් පුල්ටෝස් පන්දුවෙන් තරගය නිමාකිරීමට සිතු රහීම් දෝනිගේ දැලට  කොටු විය.

එහෙත් තරගය තවමත් බන්ගලදෙශයේය. පන්දු 2ට ලකුණු 2කි. නැවතත් පාන්ඩේ ජයග්‍රාහී ලකුණක් ලබන්නට ඇරයුම් කලේ මෝහම්දුල්ලටය හරි අපුරුවට ඔහුද දෝනිට හසුවිය. ආරක්‍ෂිත පහරකින් ජයග්‍රහණය ලගා කර ගැනීමට අවස්තාව තිබියදී වීරයන් වන්නට ගොස් බන්ගලියන් අනාගන තිබුණි. දැන් 1 පන්දුවට ලකුණු  2 අවශ්‍යය.

අවසන් පන්දුවේදී දෝනි අත්වැසුම් ලිහිල් කරගනිමින් සුදානම්ව සිටයහ. පන්දුව පිත්තේ වැදුනේ නැත වහ පන්දුව රැගත් දොනී කඩුල්ල වෙත දිව ආවේය. මුස්ට්යිෆෙර් කෙතරම් වේගවත් වුවද දෝනි පරයලන්නට ඔහුට නොහැකි විය.

ක්රකට් ඉතිහාසයේ බන්ගලියන් ඉදිරියේ ලියවෙන්නට තිබු තරගයක් හදවතින් නොව නුවණින් ක්‍රියා කිරීමෙන් තම රට ඉදිරියේ සටහන් කරගැනීමට දෝනි ප්‍රමුඛ ඉන්දියානු කණ්ඩායම සමත් විය.

ක්‍ර්කට් යන අව්නිශිචිත ක්‍රීඩාවේ වාසිය අවසාන මොහොත දක්වා තිබිය හැකි බව දෝනි ලොවට පසක් කළේය.

තරගයේ මද භාගය වන විට තරගය අතහරින නායකයන්ට දෝනි තරග ජයගන්නේ කෙසේදැයි උගන්වා ඇත.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.