න්‍යෂ්ටික බලාගාර හදන්න රජය මෙතෙක් තීරණය කර නෑ………….

Ajith P. Pereraවිදුලි උත්පාදනය වෙනුවෙන් න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවිම පිළිබඳව රජය මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදි  ප්‍රකාශ කළේය.

ඒ සඳහා මුලික කටයුතු සිදුකර ඇති නමුත් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුව ස්ථිරසාරව ඒ සඳහා නිගමනයක් ලැබෙනතුරු එවැන්නක් කිරිමට හැකියාවක් අමාත්‍යාංශයට නැති බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චන්දිම ගමගේ ඇසු වාචික පිළිතුරු අපේකෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

නිසි ක්‍රවේදයකට අනුව න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරිමට සිදුවුණොත් ඒ සඳහා තව වසර 15 ක හෝ 20 ක කාලයක් යන බවද ඒ මහතා සඳහන් කළේය. මෙම කටයුත්ත අපගේ දිගුකාලින සැලැස්මක් ඉවත් කර නැති බවත් රටේ තිබෙන සමහර සංවේදි කාරණයන්ද ඊට බලපාලන බවත් ඇමතිවරයා කීවේය.

ඉන්දියාවත් ලංකාවත් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති එජන්සිය සමඟ අත්සන් කර ඇති න්‍යෂ්ටික බලාගාරවල පවතින තත්ත්වය සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අධ්‍යයනයක් සිදුකරනා බවද සඳහන් කළේය. මේ නිසා ඉන්දියාවේ කුඩම් කුලම් න්‍යෂ්ටික බලාගාරය පිළිබඳව ලංකාවට බලපෑමක් ඇති වෙන්නේ නැතැයි ඔහු කීවේය. පරමාණුක ශක්ති අධිකාරියේ ප්‍රධාන කාර්යාලය හා රසායනාගාරය කොලොන්නාව ප්‍රදේශයේ ඉදිකිරිම සම්බන්ධයෙන් ජනතා විරෝධයක් ඇති බවට මහාචාර්ය අශු මාරසිංහ නැගු ප්‍රශ්නයට පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමතිවරයා එම ප්‍රශ්නයට විසදුමක් ලෙස පරිපාලන ගොඩනැගිලි වෙනම හා රසායනාගාරය වෙනමත් පිහිටුවිමට පියවර ගන්නා බව කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.