නාග විහාර ගැටළුව උසාවියේ

 

nnnaga

කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ භික්ෂූන් අතර ඇතිවී ඇති ගැටළුව සම්බන්ධයෙන් විභාග කිරීමට දෙපාර්ශවයටම අඟහරුවාදා (17) අධිකරණයේ පෙනී සිටින්නැයි නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සහභාගීවීම වළක්වාලමින් උන්වහන්සේගේ ප්‍රධාන ගෝල හිමිනම වන වතුරුවිල සිරි සුජාත හිමියන්ට අධිකරණය වාරණ නියෝගයක් පනවා තිබිණි.

සෝබිත හිමියන් ගේ ආදාහන පූජෝත්සවය අවස්ථාවේදී ගුණ කථනයක් කළ ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් දැනට සෝබිත හිමියන් ගේ ගෝල ස්වාමින්වහන්සේ ල සේ සැලකෙන ස්වාමින්වහන්සේලා සිව් දෙනාගේ නම් ප්‍රකාශ කළහා.

ඒ අනුව ඉත්තෑපානේ ධම්මාලෝක, උඩතලකන්දේ ආරියරතන යන හිමිවරුන්ටද නාග විහාරයේ දායක සභාවේ සභාපති හා ලේකම්ට එසේ අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

Naga vihara issue in courts.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.