නාමල්ගේ ෆෝඩ් රථයත් FCID යයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත්ව තිබූ ‘Ford Mustang’ වර්ගයේ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය භාරයට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ 2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට හිමි වූ තීරුබදු රහිත වාහන බලපත්‍රය යොදා ගෙන තමන් එම මෝටර් රථය මිළදී ගත් බවයි.

කෙසේ වෙතත් මීට වසරකට ඉහතදී එම මෝටර් රථය සිය මිතුරකුට අලවි කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසිට පවසා තිබිණි. කියා සිටියේය.

2010 නිශ්පාදිත'Ford Mustang' වර්ගයේ රථයක්...
2010 නිශ්පාදිත’Ford Mustang’ වර්ගයේ රථයක්…

බැංකු ණයක් ලබා ගෙන තමා එම මෝටර් රථය මිළදී ගත් බවත් මෝටර් රථය පොලිසිය භාරයට ගැනීමට හේතුව කුමක් දැයි තමා නොදන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය. (බීබීසී)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.