නාමල්ට ඇප බැසිල් ඇතුළට

BNරැපියල් මිලියන 70 ක මුදලක් ඉන්දියානු ක්‍රිස් සමාගම මගින් ලබාගෙන ඒ මුදල අවභාවිත කිරීම පිළිබඳව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් අද උදෑසන (18)ඇප මත මුදා හරිනු ලැබුවාය.

ඔහුව මුදා හැරුණේ රුපියල් 50000 මුදල් ඇපයක් හා ශරීර ඇප තුනක් ලබාදීමෙනි. ඒ හැරුණුවිට නාමල් රාජපක්ෂගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගැනීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මේ අතර බැසිල් රාජපක්ෂ අද සවස යළිත් අත්අංගුවට පත්විය. මේ බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා තුනවන අවස්ථාවය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අද (18) අත්අඩංගුවට ගත් ආර්ථික කටයුතු භාර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ලබන අගෝස්තු මාසයේ 01 වෙනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන මෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඔහු  අත්අඩංගුවට ගත්තේ දිවිනැගුම ව්‍යාපෘතියේ මුදල් අවභාවිතයට අදාළ චෝදනා යටතේ බව ‍ පොලිස්බ මූල්‍ය අපරාධ කොට්ඨාශය පැවසුවේය.

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.