නාලක රිමාන්ඩ්-ප්‍රේමලාල්ට ඇප

 

nalaka

 

 

සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ලබන දෙසැම්බර් 14 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (7) නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ‘තාරුණ්‍යයට හෙටක්‘ සංවිධානයට රුපියල් ලක්ෂ 50ක් ලබාදීම සම්බන්ධයෙන් සැකපිට එෆ්සීඅයිඩිය අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගත්තේය.

ඊබ්‍රාහිම් සහ ධම්මික පෙරේරා යන සැකකරුවන් දෙදෙනාද දෙසැම්බර් 14 තෙක් රිමාන්ඩ් කෙරිණි.

ප්‍රේමලාල් ජයසේකර 

ජනපතිවරණ සමයේ රත්නපුර කහවත්තේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමකට වෙඩි තබා ආධාරකරුවකු ඝාතනයට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට (චොකා මල්ලී) රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අභියාචනාධිකරණය අද (7) නියෝග කළේය.

එම සිද්ධියෙන් එජාප ආධාරකරු ශාන්ත දොඩම්ගොඩ මහතා මිය ගියේය.

අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ රෝහිණී එල්ලාවල හා මාලනී ගුණරත්න යන මහත්මීන් මන්ත්‍රීවරයාට ඇප ලබාදීමට තීරණය කළ අතර ඔහුට විදේශ ගත වීම තහනම් කැරිණි.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.