නිමල් මේ මොකද වෙන්නේ?

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මත්තල ගුවන්තොටුපළේ දී කියා සිටියේ  ගබඩාවල වී ගබඩා කිරීම සම්බන්ධයෙන්  තමන් දැඩි පියවර ගන්න බවයි.

ගුවන් තොටුපල ගබඩාවල වී ගබඩා  කිරීමව සම්බන්දයෙන් තමන් වී අලෙවි කිරීමේ මණ්ඩලයෙන් තමන් වන්දි අයකර ගැනීමට කටයුතු කරන බව   නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා කියා සිටියේය.

දැන් රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා කියන්නේ වෙනත් කථාවකි.

 

 

 

 
“අප මත්තල ගුවන්තොටුපළේ කළ නිරීක්ෂණ චාරිකාවකදී දැක්කා එහි විශාල ගබඩා ප්‍රයෝජනයක් නැතිව වහලා තියෙන බව. ඒ නිසයි රජය පසුගිය දවස්වල උත්සන්න වී තිබූ වී මිලදී ගැනීමේ ගැටලුව විසඳන්න මේ ගබඩා පාවිච්චි කළේ. ඒකෙන් වැඩි ප්‍රයෝජනයක් වුණේ හම්බන්තොට ගොවි ජනතාවටයි. ඔවුන්ගේ වී තමයි මණ්ඩලය මෙහි වැඩියෙන් ගබඩා කළේ.

අනික මේක තාවකාලිකව ගත් පියවගොවියන්ගේ වී විකිණීමේ ගැටලුව පසුගිය දවස්වල ජාතික ප්‍රශ්නයක් වුණා. ගොවියාගේ මෙවැනි බරපතළ ගැටලුවකට වඩා සතියකට එක ගුවන්යානයක් එන මත්තලට කුරුල්ලන් ඇවිත් කැත කරන එක මහා ලොකු පාඩුවක් හැටියට දකින අපේ ප්‍රවාහන ඇමතිවරයා ගැන මට තියෙන්නේ කනගාටුවක්.

මාධ්‍ය ඉදිරියේ මේ වගේ ළඳ බොළඳ කතා කියන්න ඉස්සෙල්ල හිතන්න ඕනෙ තමන්ගේ වගකීම ගැන. ඔහු කතා කරන්නේ තමන් නියෝජනය කරන කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට එරෙහිවයි. මයික් එකක් දැක්ක තැන විහිළු කතා කියමින් එතුමා ‘කාඩ්බෝඩ් සැන්ඩෝ’ කෙනෙක් වෙන්න හදන එකට කනගාටුයි” යනුවෙන් කියා සිටියේය.

 

මේ දෙදෙනාම එකම ඇමති මණ්ඩලයක සමාජිකයින්ද යන ප්‍රශ්නය දැන් මතුවී තිබේ.

මත්තල වී ගබඩාව හිස්‌ කිරීමට හෝ වන්දි අයකර ගැනීම සම්බන්ධයෙන් කිසිවකු මෙතෙක්‌ තම ආයතනයට ලිතව දැනුම් දී නැතැයි වී අලෙවි මණ්‌ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.