නිමල් රාජන් මරා අවුරුදු 19 යි… තවම මිනීමරුවන් නිදැල්ලේ… යාපනයේ මධ්‍යවේදීන් උද්ඝෝෂණයේ

Nimal Rajanයාපනයේ මාධ්ය සමාජය තවත් මාධ්ය සංවිධාන කීපයකද සහය ඇතිව යාපනය නගරය පුරා ඊයේ (19) දහවල් පෙලපාලි යමින් උද්ඝෝෂණයක නිරත වූහ.මෙම විරෝධතාවයට හේතුව වුයේ බී.බී.සී.ය ඇතුළුව මාධ්ය ආයතන කීපයක යාපනය වාර්තාකරු ලෙස සේවය කළ නිමලරාජන් මයිල්වාගනම් වෙඩිතබා ඝාතනය කොට වසර දහනවයක් ඉකුත්ව ඇතත් ඔහුගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට විරෝධය පලකරමිනුයි.

නිමලරාජන් ඝාතනයට ලක්වූයේ යාපනයට එකළ රාත්රීයෙහි ඇදිරි නීතිය පනවා තිබූ අවස්ථාවක ආයුධ සන්නද්ධව නිවසට කඩා වැදුණු පුද්ගලයින් පිරිසක් විසිනි.

නිමලරාජන්ට වෙඩි තැබූ ඔවුන් නිවසින් පිටව යාමට පෙර ඔහුගේ නිවසට බෝම්බ ප්රහාර කීපයක්ද එල්ල කළ අතර එම ප්රහාර වලින් නිමල රාජන්ගේ මව සහ තවත් අයෙකු තුවාල ලැබීය.

නිමල රාජන් ඝාතනයට පැමිණි බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ආ යතුරු පැදියක් පොලීසිය විසින් අත් අඩංගුවට ගත් අතර පොලිස් පරීක්ෂණ වලදී හෙළි වූයේ ඔවුන් ඊ.පී.ඩී.පී. සාමාජිකයින් දෙදෙනෙකු බවයි.

ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇතත් මේ දක්වාම නිමලරාජන්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නිශ්චිත ලෙස හදුනාගෙන නොමැති නිසා වහාම මේ පිළිබදව පරීක්ෂණ පවත්වන මෙන් උද්ඝෝෂණ කරුවෝ ඉල්ලා සිටියහ.

යුද්ධය හමාර වී ඇතත් උතුරු නැගෙනහිර පළාත් තුළ දෙමළ මාධ්යවේදීන්ට නිදහසේ සිය වෘත්තිය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් රජය එම කාරණය කෙරෙහි දැඩි අවධානය යොමු කොට මාධ්යවේදීන්ගේ වෘත්තීය ආරක්ෂාව සහතික කළ යුතු බවද උද්ඝෝෂණ කරුවෝ කියා සිටියහ.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.