නිමල් සිරිපාල පරාදයි

නිමල් සිරිපාල ආසනය පරාදයි - හරීන් ඉදිරියෙන්  

මෙවර මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 7,503 කින් බදුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා නියෝජනය කරන බදුල්ල ආසනය ද පරාජය වී ඇති බවත් ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල ආසනයෙන් ඉහළින් ම ජයග්‍රහණය කර ඇති බවත් වාර්තා වේ.

බදුල්ල මැතිවණ කොට්ඨාශය ඡන්ද 22,526 ක් ලබාගෙන ප්‍රථම ස්ථානයටත් ඡන්ද 15,023 ක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන දෙවැනි ස්ථානයටත් පැමිණ ඇත

හම්බන්තොට සමස්ත ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 04ක් ද, එජාපයට ආසන 02 ක් ද, ජවිපෙට ආසනයක් ද හිමිව ඇත.

2015 මහ මැතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල අනුව වාරියපොල මැතිවරණ කොට්ඨාශයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර එහිදී එම පක්ෂය ඡන්ද 29038 ලබා ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 23217ක් ලබාගෙන එම ආසනයෙන් දෙවැනි ස්ථානය ලබාගෙන ඇත.

වාරියපොල ආසනයේ ශ්‍රීලනිප සංවිධායකවරයා ලෙසත්, ශ්‍රීලනිප භාණ්ඩාගාරික ලෙසත් කටයුතු කළේ අමාත්‍ය එස්.බී නාවින්න මහතාය. ඔහු එජාපයට එක්විය.

 

මාතර

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 05ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 03ක් ද හිමිකරගෙන තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 35,270ක් පමණ ලබා ගත්තද මන්ත්‍රී ආසනයක් හිමිව නැත.

ඒ අනුව ජවිපෙන් තරඟ වැදුණු සුනිල් හඳුන්නෙත්ති මහතාට මන්ත්‍රී ආසනයක් ලබා ගැනීමට නොහැකි විය.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.