නිර්භීත ජෝන් ගේ අභීත දියණිය

silk-roadඇමති ජෝන් අමරතුංග යනු අපුරු පුවත් මවන්නෙකි. මොන සක්කරයා කීවත් වත්තල දෙමළ පාසැල ඉදිකරන බව ඔහු කියා සිටියේ අගනා හු සංග්‍රහයකට ගොදුරු වීමෙන් අනතුරුවය. පසු ගිය ආණ්ඩු සමයේ මහින්ද රාජපක්ෂ රට සවාරි වලට යද්දී බොහෝ දෙනාගේ නළල රැළි ගැසුනත් ජෝන් අමරතුංගයන් ඒ කිසිවක් පයිසයකට ගණන් ගත්තේ නැත. කිසි දවසක එතුමන් රෝහලක හෝ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කොට නැතත් ටැබ්ලට් ජෝන් කෙනෙක් කෙනෙක් ගැන  කථා කරන් නමුත්  එතුමා ඒ කිසිත් ගණන් ගන්නේත් නැත.

සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන පරිදි  අමරතුංග දියණියගේ චීන ගමනත් ඇමතිතුමාගේ කථා ගොන්නට එක වීමට ඉඩ තිබේ.

චීනයේ සේද මාවත සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවටත් ආරාධනයක් ලැබින.

silk road38ඉපැරණි සියන්ග්  නගරයේ පැවති මේ උළෙලට රටවල් 50 සහභාගී වූ අතර ශ්‍රී ලංකා නියෝජනයට ඇමති දියණි අනු රසියා ද ඇතුළත් කෙරින. එහෙත්  ඇයට කිසිදු නිල තනතුරක් නොවුණි. එබැවින්  සංචාරක අමත්‍යංශයේ ලේකම් පී. එච් . ජේ  සුගතදාස ඇයට ගමන් වියදම් ගෙවීම සඳහා වූ අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කළේය.

යහ පාලනයේ සාධනීයබලපෑම හේතුවෙන් ගමන් වියදම් හෝ නිළ පිළිගැනීමක් නොවුනත් කිසි දෙයක ලෙහෙසියන් අත් නොහරින් ජෝන් අමරතුංග  අරමුදල් සම්පාදනය කිරීමට පසුබට නොවීය. ඉතින් ජොන්   දියණිය දුත් පිරිස් සමඟ ගුවන් ගත වුවාය.

අහවල් කරුමයක් නිසාදෝ ජෝන් දියණිය ගේ අත් බෑගය අස්ථාන ගත වුයේ ගමන් බලපත්‍රයත් සමගින්ය. සේද මාවත සම්න්ත්‍රණය හමාර විය. එහෙත් ඇයට රටින් පිට වීමට නොහැකි විය.

silk 3ඇමති ජෝන්  මේ වන විට ස්වකීය  බෑණා වූ දිනේෂ් වීරක්කොඩි සමඟ දකුණු කොරියාවට ගොසින්ය. ඒත් ඉතින් ගැටළුවක් නැත. චීනයේ වර්තමාන තානාපති  හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කුය . දුරකථන ඇමතුම් කීපයක් එහා මෙහා වීමෙන් අනතුරුව තානාපති කාර්යාල නිලධාරියෙක් ගුවන් මගින් බෙයිජින්ග් සිට සියන්ග් දක්වා ගියේය. ඒ හදිසි ගමන් බලපත්‍ර සහතිකයක් සමගින්ය.

දැන් ඇමති දියණිය පෙරළා සියරට පැමිණීමට සුදානමින් සිටින්නීය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.