නිර්මාල් රංජිත් බෙල්ලෙන් ඇද එලියට දමලා..

nirmal ranjithදුරකතන පෙර ගෙවුම් කාඩ්පත් දෙකක් මිලදීගෙන ඉතිරි රුපියල් දෙක ඉල්ලූ විට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිමහතාගේ බෙල්ලෙන් අල්ලා එළියට දමා ඇතැයි ඔහු පොලිසියට පැමිණිලි කර ඇත.

තමා මුහුණ පෑ සිද්ධිය විස්තර කරමින් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබේ.

“අද උදේ ටෙලිපෝන් සහ ඉන්ටනෙට් කාඩ් කීපයක් ගැනීමට පන්නිපිටිය හන්දියේ වෙළදසැලකට ගියෙමි. රු. 49ක් හා 99 ක් වටිනා ඉන්ටනෙට් කාඩ් වල ඉතිරි රුපියල් දෙක නොලැබුණි. ඒ පිළිබද විමසූ විට රුපියල් දෙක කව්රුත් නොඉල්ලන බව කියමින් ඔහු මගේ ඇගට ආවේය. රුපියල් දෙක මට වැදගත් බැවින් එය අවශ්‍ය බව කී පසුව පසුව ඔහු චණ්ඩි ස්වරූපයක් ආරෝපණය කරගෙන මට රුපියල් දෙක දුන්නත් මා ඔහුට පාරිභෝභික අයිතිවාසිකම් ගැන දේශනයක් දීමට ගිය නිසා ඔහුට නැවතත් මල පැන්නේය. මට වෙළද සැළෙන් පිටවන ලෙස තර්ජනය කළේය. මම වෙළදසැළ ප්‍රසිද්ධ ස්ථානයක් බවත් මාව බලෙන් එළියට දැමීමට ඔහුට අයිතියක් නැති බවත් ඔහුට මතක් කර දුනිමි. පසුව ඔහු මගේ බෙල්ලෙන් අල්ලා එළියට දැමීය. මම මහරගම පොළිසියේ පැමිණිල්ලක් දැමුවෙමි. පොලීසියේදී ඔහු හමු වීමට බලා සිටිමි.“

තමා අවස්ථා රැසකදී මෙවැනි ගැටළුවලට මුහුණ දී ඇතත් ඒ කිසිදු ව්‍යාපාරිකයකු තමා වෙළඳ සැලෙන් එළියට ඇද නොදැමූ බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසී ය.

“ඔවුන් කියන්නේ ඉතිරි සල්ලි නැහැ කියල තමයි. හැබැයි මෙයා කිව්වෙ කවුරුවත් ඉතුරු රුපියල දෙක ඉල්ලන්නෙ නෑ කියල.“ ලබන සෙනසුරාදා මහරගම පොලිසියට දෙපාර්ශවයම කැඳවන බවට පොලිසිය පවසා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.