නිවේදිකාවට කියූ සෙල්ලක්කාර වචනයෙන්ම ගේල්ගේ දියණියට නමක්

bigbaපසුගිය දා නිමා වූ බිග් බෑෂ් විස්සය් විස්ස තරඟාවලියේදී බටහිර ඉන්දීය ක්‍රීඩක ක්‍රිස් ගේල් ගෙන් ප්‍රශ්න ඇසීමට නිවේදිකාවක් පැමිණි විට ගේල් එහි දී ” Your eyes are beautiful, Hopeful we can have a drink, Dont blush baby ” යනුවෙන් සජීවීවම පැවසුවේය.එම නිසා ඔහුට දඩයක් ද නියම විය.

ඉන් පසුව මේ වන විට පැවැත්වෙන IPL තරඟාවලියේ රෝයල් චලෙන්ජෙර්ස් බැංගලෝර් පිලට ක්‍රීඩා කරමින් සිටි ක්‍රිස් ගේල් එය නවතා දමා නැවත ජැමෙයිකාවට පිටත්ව ගොස් ඇත.ඒ ඔහුගේ බිරිඳට දරුවෙකු ලැබීමට ආසන්න වීම හේතුවෙනි.

එමෙන්ම මේ වන විට ඇය දරුවා ප්‍රසූත කර ඇති අතර එම දියණියට නම යොදා ඇත්තේ ඉහත පැවසූ සංවාදයේ ගේල් විසින් පැවසූ ” Blush ” යන වචනය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගේල්ගේ ඉන්ස්ටග්රෑම ගිණුමේ මේ නම පිලිබඳ සටහනක් තැබූ අතර එය ඇයගේ හුරතල් නාමය ලෙස හෝ උප්පැන්න සහතිකයට භාවිතා කරන නම ලෙස යොදා ගනු ඇති බව එහි සටහන් යොදා ඇති බොහෝ පිරිසක් පවසයි.

gayle1 gayle2 gayle3 gayle4

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.