නීතිය වල් වැදීම

බලපිට්ය අධිකරණ සංකීරණය ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල සිදු වී රෝහල් ගත කර සිටි පුද්ගලයාත් මිය ගියේය. තවත් පුද්ගලයෙක් එම ස්තනයේදීම මිය ගියේය.

පසු ගිය කාලය දෙස හැරී බැලීමේදී මේ සිදු වූ එකම සිදුවීම නොවන බව කවුරුත් දන්නා කාරණයකි. සෑම දිනකම පුද්ගල ඝාතනයක් වාර්තා වෙයි. පාවෙන මල සිරුරු , නාදුනන මල සිරුරු දිවයිනේ සෑම ප්රමදේශයකින්ම වාර්තා වී තිබේ. නිවසටම පැමිණ පියා, පුතා හා අසල වැසියෙක් මැරූ පුවතේ උණුසුමවත් යන්නට මත්තෙන් තවත් සිදු වීමක් වාර්තා වීමෙන් කියවෙන්නේ දවසින් දවස පැයෙන් පැය නීතිය පිළිබද ගෞරවය විශ්වාසය මිනිසුන් කෙරෙන් දුරස් වෙන බවය.

එයට වගකිවයුත්තෝ නීතිය හසුරවන්නොම වෙති. ඇතැම් ඝාතන වලට නීතිය ක්රිදයාත්මක කරවන්නන්ම සම්බන්ධ වූ බව හෙළිවෙන විට නීතිය පිළිබද විශ්වාසය මහජනයාගෙන් ගිලිහෙන්නේ ඉබේටම වාගෙය. අද ගමක පොලිස් නිලධාරියෙකුට කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත. පොලිස් නිලදාරියා රස්තියාදුකාරයා මෙන් පොලිස්කාරයා පමණක්ම වී ඇත්තේ සමාජයේ වරදින් නොව ඔවුන්ගේම වරදිනි.

උසාවිය පිළිබද ඇත්තේද එවැනිම වූ ආකල්පයකි. අල්ලපු වත්තේ හොරෙන් පොල් ගෙඩියක් ඇහිද ජීවිතය ගෙවන සියදොරිස්ට ක්රි යාත්මක වෙන නීතිය ඇතැම් විට මහා දවාලේ කැමරා වලට හසුවෙමින් මිනේසෙක් පැහැරගෙන යන මන්ත්රීවරියට ක්රිියාත්මක වන්නේ ඉතා මෘදුවය.

නීතියෙන් දඩුවම් ලබා දෙනතුරු බලා නොසිට අධිකරණය අසලදීම දඩුවම් දෙන්නට ජනතාව පෙලම්බවන්නේ මේ වල් වැදුණු නීතියම නොවේනම් අන් කවරක්ද ?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.