නුදුරේදීම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක්… වෙළෙඳ සංගම් අනතුරු හඟවයි

 

FV1අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක හිඟයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව වෙළෙඳ සංගම් කියයි. මේ වනවිටත් සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක හිඟයක් ඇතිවෙමින් තිබෙනබව ඔවුන් පෙන්වා දෙයි.

රජය නියම කරන මිලට භාණ්ඩ ගෙන්වා අලෙවි කළ නොහැකි බව පවසන මේ වෙළෙද සංගම් කියන්නේ නියම කළ මිලට භාණ්ඩ ලබාදීම සදහා ආනයන බදු ඉවත් කරන ලෙසය. එසේ නොවුනහොත් තමන් මේ ව්‍යාපාරයෙන් ඉවත් වීම හැර  වෙන විකල්පයක් නොමැති බව ඔවුහු කියති.

මේ අතර තවත් වෙළෙඳ සංගම් ගණනක් කියන්නේ කවුරු කෙසේ කීවත් කලින් මිලට තමන්ගේ භාණ්ඩ අලෙවි කරන බවය.

මේ අතර පාරිභෝගික අධිකාරිය රජය නියම කර ඇති මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කරන වෙළෙන්දන් සොයමින් මෙ‍හෙයුම් අරඹා තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.