නුරියේ 18ක් ගස් – වාර්තාවක්………………………..

nooriශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම දෙනෙකුට මරණීය දණ්ඩනය නියමකොට ඇත්තේ කාන්ත වීනිසුරුවරියකි.

නූරියවත්ත මිනී මැරුම් නඩුවේ සැකකරුවන් 21 දෙනාගෙන් 18 දෙනකුට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු එම්.ඩී.එස්.අබේරත්න මහත්මිය අද (25දා) මරණ දඬුවම නියම කරමින්ක මෙම වාර්තාව තහවුරු විය.

දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළැයි දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා ඇතුළු සැකකරුවෝ විසිඑක්දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.

නුරි වත්තේ සිදුවීම් ගැන අතීත තතු නිර්නාමිකව හෙළි කරන වතු අධිකාරිවරයෙක්.

දැරණියගල නුරි වත්ත රට තුළ බොහෝ කතා උපදවා තිබේ. වතු යායට පැමිණ, වතු අධිකාරීවරයා වූ නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා ගෙල ග්‍රහයෙන් ගෙන නිරුවත් කර, පණ තිබියදීම කපා, රහස්‌ අවයව ඉවත්කොට, කැබ් රථයක පිටුපස තබාගෙන මුළු වත්ත පුරාම ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඔහුව ඝාතනය කළ තුප්පහි මැරයින් පිළිබ`ද කතාව දැන් රටම දනී. ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙස ඇමරිකානු වොල්ටර් බේ ජාත්‍යන්තර වැවිලි සමාගම විසින් කළමනාකරණය කරන ලද මෙම වතුයායේ සේවකයෙක්‌ ලෙස මීට කලකට ඉහතදී සේවය කරන අවධියේ සිට මෙවැනි කාලකණ්‌ණී ෙ€දවාචකයක්‌ කොයි මොහොතේ හෝ සිදුවනු ඇතැයි මම අපේක්‌ෂා කළෙමි. එබැවින් මේ ම්ලේච්ඡ ඝාතනය මා තුළ කම්පාවක්‌ හා මහා කළකිරීමක්‌ විනා පුදුමයක්‌ ඇති කළේ නැත. මේ කාරණා පෙළගස්‌වන්නේ සහේතුකවය.

නුරි වතුයාය අවට ජීවත් වුයේ දුප්පත් මිනිස්‌සුය. මේ මිනිස්‌සුන්ගෙන් කොටසක්‌ දෙමළය. වතුලැයින් වල ජීවත් වූ දෙමළ මිනිස්‌සුය. කොටසක්‌ සිංහලය. එදා වේල හොයා ගන්නා අසරණයින්ය. මේ වතුයාය තිබුණේ වෙන රටක නොවේ. ලංකාවේය. උතුරේ යුද්ධය පවතින කාලයේ යුද්ධයේ මායිමකට ආසන්නයෙත් නොවේ. සාමකාමී සබරගමු පළාතේ දැරණියගලය. එහෙත් යුද්දයේ සිදුනොවුන තරම් ඝනත්වයක්‌ සහිතව නුරි වතුයාය තුළ මානව හිමිකම් කඩ උනේය. එළිපිට කෝටි ගණනින් කොල්ලකෑම් සිදුවුණේය. මිනිසුන් අහේතුකව උන්හිටි තැන්වලින් පලවා හැර ගෙවල් දොරවල් ගිනිබත් උනේය. මිනී මැරුණේය. ස්‌ත්‍රී දූෂණ සිද්ධ උනේය.

noori convicts
picture courtesy to dailymirror.lk

අතකොටා කවුද?

අතකොටා නමැති මේ මැරයා කවුද? අතකොටා යනු නුරි වතුයායේම නුරිවත්තෙ මුරකාර රැකියාව කළ තැනැත්තෙකුගේ දරුවෙකි. පවුලේ අතකොටත් සමග දරුවන් හත් දෙනෙකි. අතකොටාගේ නම අනිල් චම්පික විඡේසිංහය. ඔහුගේ අත අහිමි වන්නේ කුඩා කාලයේ සිදුවන අනතුරකිනි. මේ පවුලේ උන් රස්‌සාවට කළේ කසිප්පු පෙරීමය. කසිප්පුකාර අනිල් චම්පික විඡේසිංහ ප්‍රාදේශීය සභා ඡන්දයේදී ඡන්දය ඉල්ලුවේය. ප්‍රාදේශීය සභාවේ සභාපතිත් උනේය. එසේ කලඑළි බසින මේ කසිප්පුකාර මැරයා ප්‍රදේශයේ ප්‍රධානම දේශපාලන බලවතාගේ හා ඔහුගේ පුත්‍රයාගේ සමීප හිතවතෙක්‌ වූයේය. ඔවුන් වෙනුවෙන් ඕනෑම පාදඩ කොන්ත්‍රාත්තුවක්‌ නොපැකිලව භාර ගැනීමේ විලි ලඡ්ජා නැතිකම අතකොටා ට තිබිණි. එවිට හිටපු තුට්‌ටු දෙකේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුටත් මිනී මරන්නට, ස්‌ත්‍රී දූෂණ කරන්නට, කොල්ල කන්නට ලයිෂන් ලැබෙන්නේය. තංගල්ලේදී සිදුවුණා සේය. හික්‌කඩුවේදී සිදුවුණා සේය. රත්නපුරේ කොටකෙතනදී සිදුවුණා සේය. දැරණියගල නුරි වත්තේදීත් එය ඒ ආකාරයෙන්ම සිදුවුණේය.

නුරි වත්ත තුළ අතකොටා කළ නොපනත්කම් මේ ලියුම්කරු දෑසින් දැක අත්වි`ද තිබේ. එවකට වත්තේ පවුල් හාරසිය පනහක්‌ වූයේය. මේ වතු කම්කරුවන් දෙමළ ජාතික අසරණයින්ය. ඔවුන් කසිප්පු බීමට ඇබ්බැහි කර තිබිණි. වත්තට කසිප්පු විකිණීමේ ඒකාධිකාරිය තිබුණේ අතකොටාටය. ඔහු කම්කරුවන්ට කසිප්පු දුන්නේ ණය පොතටය. මාසේ පඩිදාට පැමිණ හේ කසිප්පු සල්ලි එකතුකරගත්තේය.

අතකොටා වත්තේම ඉඩම් කැබලි ඩෝසර් කර සිය ඥාතීන් වෙනුවෙන් කඩ තනා දී තිබිණි. නුරිවත්ත අවට වෙන එකෙකුට වෙළ`දාම් කිරීම තහනම් විය. වෙළෝදාමක්‌ පටන් ගතහොත් කඩ කුඩු වී ගියේය. වෙළෙන්දාගේ ඇට කටු කුඩු උනේය. එමෙන්ම නුරිවත්තේ මිනිස්‌සුන්ට අතකොටාගේ ඥාතීන්ගේ කඩ හැරෙන්නට වෙනත් කඩයකින් බඩු මිලදී ගැනීම තහනම් කොට තිබිණි. එළවලුවක්‌ ගෙනෙන්නටවත් නුරිවත්තේ මිනිසුන් දැරණියගලට ගියොත් සිදුවූයේ අමානුෂික ලෙස පහර කන්නටය.

නුරිවත්තේ ඉඩම් මේ මැරයින් විසින් බලහත්කාරයෙන් අත්කරගෙන තිබිණි. එසේ අල්ලාගත් ඉඩම් අක්‌කර පහළොවක පමණ තේ වගාකොට තිබුණේ අතකොටාය. උදෑසන වත්තේ දළු කඩන්නට පෙර හෙතෙම බලහත්කාරයෙන් තේ දළු කැඩුවේය. තේ µeක්‌ටරියෙන් නිශ්පාදනය කරනා තේ වලින් අඩකට ආසන්න ප්‍රමාණයක්‌ කප්පම් ගත්තේය. වතුයායේ ඉදිකිරීම් වල සිට කම්හලට දර සැපයීම දක්‌වා සියලු කොන්ත්‍රාත් ඔහුගෙන් පිට කිසිවෙකුට ලබාගත නොහැකි විය. වත්තේ හවරිනුග, කොස්‌, පයිනස්‌ ඇතුළු අවුරුදු සිය ගණන් පැරණි වටිනා දැව තිබිණි. මේ දැව අතකොටා විසින් බලහත්කාරයෙන් කැපුවේය. කපන්නට යොදා ගත්තේ වත්තේ කම්කරුවන්ය. ප්‍රවාහනය කළේ වත්තේ ලොරි වලය. ලොරි වලට ඉන්ධන ගැසිමට පවා සිදුවූයේ වතු පරිපාලනයටය.

ස්‌ත්‍රී දුෂණ

මේ කතාව ශිෂ්ට සමාජයක සිදුවනු ඇතැයි නොසිතන තරමට අශික්‌කිතය. තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් ගෑණු සීයක්‌ සමග හාදවී එය සමරන්නට උත්සව දැම්මේය. මේ ගෑණුන්ගෙන් හැත්තෑපහක්‌වත් එයට මුහුණ දෙන්නට ඇත්තේ කැමැත්තෙන් විය හැකිය. එහෙත් අතකොටා නමැති මේ කාලකණ්‌ණි අපරාධකාරයාත් උගේ නඩයත් සියයකට ආසන්න ස්‌ත්‍රී දූෂණ ප්‍රමාණයක්‌ සිදුකරන්නට ඇති බව මගේ හැ`ගීමය. ලැයිමක ඇහැට පෙනෙනා කාන්තාවක්‌ හෝ දැරිවියක්‌ වේ නම්, එම තැනැත්තිය අතකොටාගේ සිත් ගත්තේ නම් ඇය මේ පාදඩයාගේ අනිවාර්ය ගොදුරක්‌ වූවාය. මේ ස්‌ත්‍රී දුෂණ බොහෝවිට සිදුවූයේ බිලගම බටකැලේ ප්‍රදේශයේ හා අත්හැර දමා තිබූ බස්‌නාල ඩිස්‌පෙන්සරිය තුළය.

එක්‌තරා අවස්‌ථාවක මේ තිරිසනා විසින් වැඩිවියට පත් දැරියක්‌ දුෂණය කළේ දැරියගේ දෙමව්පියන් නිවසින් පිටතට ඇද දමා නිවස තුළදීමය. තවත් අවස්‌ථාවක දැරණියගල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරිදක්‌ දුෂණය කළේය. ඒ නිවස තුළ සිටි ව්‍යාපාරිකයාට පහරදී එළියට ඇද දැමීමෙන් පසුය. මේවා අසන විට නුරිය වත්තේත්, දැරණියගල අවටත් සිටියේ අංග ඡේදනය කරගත් කොටලුවන්දැයි ඔබ සිතනු ඇත. එහෙත් මිනීමරු අපරාධකරුවන් ප්‍රදේශයක පොලීසියත් සමග සංධානගත වනවිට සිවිල් මිනිසුන් අසරණ වන ආකාරය ගැන වටහාගත හැක්‌කේ ඒ අත්දැකීම් සහිත අප වැනි මිනිස්‌සුන්ට පමණය.

දැරණියගල පොලීසිය

ඇත්තටම දැරණියගල තිබුණේ පොලීසියක්‌ නොව, ගුබ්බෑයමකැයි සිතේලා නිල ඇ`දුමට උඩින් ජංගි ඇ`දගෙන සිටි මේ ගුබ්බෑයමේ හාල්පාරුවෝ ප්‍රදේශයේ දේශපාලනයේ නින්දා සහගත බත්බැලයන් වී සිටියහ. මුන් මිනීමැරුම් එළිපිට යට ගැසුහ. ස්‌ත්‍රී දූෂණ යට ගැසුහ. පැමිණිලි කරන්නට පැමිණි අසාධාරණයට ලක්‌වූවන් පොලීසියෙන් පලවා හලහ. එපමණක්‌ නොව පැමිණිල්ල දැමිමට පැමිණි පුද්ගලයන් පිළිබ`ද තොරතුරු අපරාධකරුවන්ට දන්වා සිටියහ. දැරණියගල පොලිසියට මේ පිළිබ`දව පැමිණිලි කළේය. වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහට මේ නින්දාසහගත ස්‌වරූපය ලි තව දැනුම් දුන්නේය. මැරයින් ඔහුව කපා මරන්නේ ඉන් අනතුරුවය. නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා මරා දැමීම අහම්බයක්‌ නොව, රට අපේක්‌ෂා කළ මරණයක්‌ වන්නේ ඒ නිසාය.

බලයක්‌ ඇතැයි කියන, අධ්‍යාපන හා සමාජ මට්‌ටමක්‌ ඇතැයි කියන, පරිපාලන නිලයක්‌ හොබවන, ජාත්‍යන්තර වතු සමාගමක්‌ මගින් පරිපාලනය වන අක්‌කර එක්‌දහස්‌ හයසියකට ආසන්න වපසරියකින් යුතු වත්තක වතු අධිකාරිවරයෙකු රාජකාරි මට්‌ටමින් කරන පැමිණිල්ලක්‌ සම්බන්ධව පොලිසියත් දේශපාලන අධිකාරියත් හැසිරෙන ස්‌වරූපය මෙය නම් අසරණ වතු කම්කරුවන්ටත්, එදා වේල හොයාගන්නා දුගී මිනිසුන්ටත් දෙයියන්ගේම පිහිටය.
එහෙත් මේ තුට්‌ටු දෙකේ නූගත් මැරයින්ව හසුරුවන ප්‍රබල දේශපාලන අමනුෂ්‍යයින් ගැන මේ මොහොත වනවිටත් රට කතා කරන්නේ නැතිවීම අපව තිගස්‌වන්නේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.