නුවර අංකුඹුරේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට – CCTV Video

Ankumbura Shootමහනුවර අංකුඹුර ප‍්‍රදේශයේ බැබිලගොල්ල පල්ලිය අසළ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. අද උදෑසන රතු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් මාර්ගය ආසන්නයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙසේ වෙඩි තබා පලා ගොස් ඇත. තුවාල ලැබූ දෙදෙනා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බැබිලගොල්ල – ගල්හින්න ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් වන අතර සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් 21 හැවිරිදි තරුණයා මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

වෙඩි තැබීම සිදුකල බවට සැක කරන කණ්ඩායමේ සාමාජිකයකු වෙඩි තැබීම සිදුවු ස්ථානයේ සිට කිලෝමීටර් 4 ක් පමණ දුරින් පිහිටි කබල්ගස්තැන්න ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන්ගේ සහය මත ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 20ක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කලේ.

මෙම සිද්ධිය ව්‍යාපාරික හෝ පෞද්ගලික අමනාපයක් නිසා සිදුවු වෙඩි තැබීමක් බවටයි පොලිසිය සැක පල කරන්නේ. වෙඩිතැබීම සටහන්වූ CCTV දර්ශන අප වෙත ලැබී තිබෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.