පබාට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බැල්ම දාලා…………..

upeksha-swarnamaliපාර්ලිමේන්තුව තුල  ලිංගික හිංසනය යහමින් සිදුවෙන  බව හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි (පබා) පවසන්නීය.

“මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මම දේශපාලනයට එන්නේ විවාහ වෙලා. ඒ අවස්ථාවේ මට තිබුණ පිළිගැනීම සහ මම දික්කසාදවීමෙන් පසු ලැබුණ පිළිගැනීම හාත්පසින්ම වෙනස්. ඉන් පස්සේ මට අනවශ්‍ය යෝජනා – ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා වූ යෝජනා ආදිය ඉදිරිපත් වුනා. එවැනි යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයන් මට උදව් කරන බව පවසමින් ඔවුන්ගේ කාර්යාලවලට එන මෙන් මට ආරාධනා කළා,” හිටපු මන්ත්‍රීවරිය ඇය මුහුණදුන් අත්දැකීම් විස්තර කළාය.

 තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට තමන්ට ඉතා  දුෂ්කර අවස්ථාවන් මග හැරීමට සිදුවූ බව ඈය කියා සිටියේ.  පාර්ලිමේන්තුව තුළදී ලිංගිකත්වය පදනම් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හිරිහැරයට ලක්වන බව  ඇය හෙළිදරව් කළේ ලෝකය පුරා මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ලිංගික  හිරිහැරයට ගොදුරුවන බව පැවසෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) නව වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

පිටරට සවාරි

“මේ ගැටලුව හැමෝගෙන්ම එල්ල වෙන්නේ නැහැ. ඒ වගේ මානසිකත්වයෙන් යුක්ත අතලොස්සක් පමණයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. හැබැයි, ඒ අතලොස්ස කරන දේ ප්‍රමාණවත්,” හිටපු මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නීය. “පිටරට සංචාර යාම සඳහා ඇතැම් දේශපාලනඥයන් මට ආරාධනා කළා. පිටරට ගියාම ඔවුන් හමුවීමට ටෙලිපෝන් කරන්න කියනවා. ඒ වගේ අත්දැකීම් මට තියෙනවා” හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

එහෙත් මේ අය කවුරුන්දැයි ඇය කියා සිටින්නේ නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.