පයිපයක් ගිය දුර… බැසිල් ආයෙත් ඇතුළට…

Basill 345දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන මුදල් යොදා ගනිමින් ගැල්වනයිස් යකඩ පයිප්ප මිලදී ගෙන රට පුරා පළාත් පාලන ආයතනවලට ලබාදීම හේතුවෙන් පොදු දේපල පනත යටතේ චෝචනා ලබා සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ එහි අධ්‍යක්ෂ ජනරාල් අමිත් කිත්සිරි රණවක ලබන 08 දා තෙක් රක්ෂි බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් දිසා විනිසුරු ධම්මික හේමපාල 01 දා නියෝග කළේය.

බැසිල් රාජපක්ෂ රෝගාතුර වීම නිසා අධිකරණය වෙත පැමිණියේ බන්ධනාගාර නිලධාරීන් විසින් පිරවරන ලද ගිලන් රථයකිනි.

සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් චාමර මද්දුමගේ විසින් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කරන  ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා නීතිපති උපපදෙස් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

වර්ෂ 2014  ඔක්තොම්බර 30 දා සිට නොවැම්බර් 11 දක්වා පක්ෂය තුළ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන මුදලින් රුපියල් තුන්කෝටි හැටපන් ලක්ෂයක්  යොදවා මෙම යකඩ පයිප්ප මිලදී ගෙන බෙදාහැර තිිබිණි.

ඉකුත් ජනපතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයාගේ රුව සහිත බැනර් ප්‍රදර්ශනයට හා කොඩි එසවීමට මෙම පයිප්ප භාවිත කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.