පරපුටු අයවැය සම්මත වෙයි…………….

Parliament

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම පිළිබඳව තාර්කික කරුණු දැක්වීම් නොතකා තරමින් අයවැය සම්මත විය. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගේ ප්‍රශ්නය ‘වැට්වලින් කෝටි 180ක් රජය බලාපොරොත්තු වන බව පවසන ඔබතුමා 58දෙනෙකුට වාහන ගේන්න කෝටි 243 ක් වැය කරනවා. ඒක සාධාරණද? මේ වගේ පරපෝෂිත රැළක් නඩත්තු කරන්න ඕනද මහජනතාවගේ ධනයෙන්. මේ පරපෝෂිතයොනේ’. රවිකරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේ හොඳ වාහන අවශ්‍ය නම් ආණ්ඩුවට එක්වෙන ලෙසයි.

කුපාම මෙවරත් මග හරී
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද රාජපක්ෂ, තේනුක විදානගමගේ , සිරිපාල ගම්ලත් , ප්‍රේමලාල් ජයසේකර , චතුර සේනාරත්න , සල්මාන් අයවැය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට සභාගැබේ නොසිටියහ.

Anura Kumara Dissanayakaඅයවැයට පක්ෂ 162 ක් ද විපක්ෂව 52 ක් ද ලැබිණි. වැඩි ඡන්ද 107 කින් අයවැය සම්මත වු බව සම්මත වු බව කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රිවරු 7 ක් ඡන්දය විමසන අවස්ථාවේ පැමිණ නොසිටියහ. දෙමළ ජාතික සන්ධානය රජය සමඟ ඡන්ද දුන්නේය. විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ ඡන්දය දුන්නේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.