පරිප්පු කන්නත් නැතිවෙයිද?

dahlඉදිරියේදී පරිප්පු හා සීනි හිඟයක් ඇතිවිය හැකි බවට තොග වෙළඳුන් අනතුරු අඟවයි.

රජය මගින් පනවා ඇති උපරිම සිල්ලර මිලට පරිප්පු හා සීනි තවදුරටත් අලෙවි කළ නොහැකි බව පිටකොටුව තොග වෙළඳ සංගමයේ ලේකම් කේ. නාදන් මහතා පවසයි‍.

2016 අය වැයෙන් පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක් සඳහා උපරිම සිල්ලර මිලක් රජය නියම කළේය. ඒ අනුව පරිප්පු කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 169.00 ක පාලන මිලක් නියම කෙරිණි.

කෙසේ වෙතත් එහිදී සීනි සඳහා නව පාලන මිලක් ප්‍රකාශයට පත් කර නොතිබිණි.

ඒ අනුව පෙර පැවති පාලන මිල බලපැවැත්වෙන අතර ඇසුරුම් නොකළ සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 87.00 කටත් ඇසුරුම් කළ  සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 95.00 කටත් අලෙවි කිරීමට වෙළඳුන් පියවර ගත යුතුයි.

කේ. නාදන් මහතා මෙලෙස අදහස් දැක්වීය.

“පරිප්පු ලෝක වෙළඳපොළේ ගාන වැඩිවෙනවා.කොස්ට් එක රුපියල් 180 කට වැඩියි. ආණ්ඩුවෙන් දීලා තියෙන මිල රුපියල් 168යි. ඉතින් මේ තත්ත්වයෙන් අපිට ඉස්සරහාට යන්න බැහැ. ස්ටොක් ඉවරවුණාම බඩු නැතිවෙයි. සීනිවලටත් ඒ ප්‍රශ්නෙම තමයි තියන්නේ.“

මෙම තත්ත්වය මත ඉදිරියේදී පරිප්පු හා සීනි හිඟයක් ඇතිවිය හැකි බවට පිටකොටුව තොග වෙළඳ සංගමය අනතුරු අඟවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.