ප්‍රගීත් ගැන සන්ධ්‍යා ගෙන් අභියෝගයක්

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් ලබා ගත් තොරතුරු අනාවරණය කරන ලෙස ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඉල්ලා සිටියි.

එසේම යුද හමුදාව විසින් තවත් පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇති බව තමන්ට දැන ගන්නට ලැබී ඇති බව ඇය ප්‍රකාශ කළාය.

ඇය නගන්නේ විශාල චෝදනාවක් බවත් ඒ සම්බන්ධයෙන් තමන් සතුව සාක්ෂි තිබේදැයි විමසූ විට ඇය පැවසුවේ විශ්වාස කටයුතු මාර්ග වලින් තමන් ඒ බව දැන ගත් බවයි.

එසේම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැදගත් තොරතුරු ලබා දී ඇති බව තමන් ට දැන ගන්නට ලැබී ඇති බවත් එම තොරතුරු සමහර මාධ්‍ය වෙත රහසිගතව ලැබී ඇති බවත් ඇය පවසන්නීය.

 ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන හමුදා නිලධාරීන් මහ මැතිවරණය අවසන් වනතෙක් අත් අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ලැබී ඇතැයි තතු දත් ආරංචි මාර්ග කියයි.

ඒ අනුව අදාල  යුධ හමුදා නිලධාරී යාගෙන්  ප්‍රශ්න කිරීම කල්දමා ඇත.

කෙසේවුවද, මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන ඇති විශ්‍රාමික සාජන් මේජර් වරයා  රහස් පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කදවුරේ රදවාගෙන “පවුල් ගස” නමැති පොතක් ලිවීමත්, ජෙනරාල් සරත් ෆොන්සේකා සමග තුබූ සබදතා පිලිබදවත් ඔහුගෙන් ප්‍රශ්න කළ බවයි.

හමුදා බුද්ධි අංශයේ සේවය කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දෙදෙනකු සමග එක්ව ප්‍රගීත් පැහැරගෙන ගොස් ඇත්තේ කෝප්‍රල්වරයෙක් විසින් යැයි වාර්තා වේ.

වර්ට්ය්හවේවර්ට්ය්හවේ ප්‍රියන්ත නම් නිලධාරියා විසිනි.

ගිරිතලේ හමුදා කදවුරේ රදවාගෙන දින තුනක් ප්‍රශ්න කළ පසුව ගමනක් යන්නට කියා හමුදා  නිලධාරියා ප්‍රගීත්ව රැගෙන ගිය බවත් ඉන්පසු ඔහු දකින්නට නොලැබුණු බවත් සාජන් මේජර්වරයා පවසයි.

 

ප්‍රගීත් පැහැරගැනීමට නියෝග ලැබුනෙත් ප්‍රශ්න කිරීමට උපදෙස් ලැබුනේත් ඉහළම බලධාරීන්ගෙන් බව කියති.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.