සුළු සුළු ප්‍රචණ්ඩ ක්‍රියා යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදීමට….උතුරු පළාත් සෞඛ්‍ය ඇමති සත්‍යලිංගම්..

Dr. P. Sathiyalingamදිනසේන රතුගමගේ
යාපනය ඇතුළු උතුරු පළාතේ මේදිනවල සිදුවන සුළු සුළු ප්‍රචණ්ඩකාරී ක්‍රියා යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදීමට රජය හා ජනතාව දැඩි අවබෝධයකින් යුතුව ක්‍රියා කළ යුතුව ඇතැයි උතුරු පළාත් සෞඛ්ය අමාත්ය පී.සත්යලිංගම් වෛද්යවරයා පැවසීය.

අමාත්යවරයා මේ බව කියා සිටියේ යාපනය විශ්ව විද්යාලයේ සිසුන් දෙදෙනෙකුව පොලීසිය විසින් වෙඩිතබා මරාදැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පලකිරීම සදහා මේ දිනවල උතුරු පළාතේ සිදු කෙරෙන යම් යම් ප්රචණ්ඩ ක්රියා නිසා ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් ගැන තොරතුරු දැනගැනීමට අමාත්යවරයාට කතා කළ අවස්ථාවේදීයි.

දකුණේ ජනතාව මේ දිනවල සිදුවන ක්රියා පිළිබදව වැරදි ආකල්පයකින් බැලීමත් සාමය කඩ කිරීමට අවශ්ය පුද්ගලයින්ට උඩගෙඩි දීමටත් ක්රියා නොකරණ ලෙස ඉල්ලා සිටි අමාත්යවරයා උදාවී ඇති සාමය ස්ථාපිත කිරීමට සියළු දෙනාම කැප විය යුතු බවද ප්රකාශ කළේය.

යාපනය විශ්ව විද්යාලයේ සිසුන් දෙදෙනාට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබදව රජය අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබාදීමත් මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීමටත් වග බලා ගත යුතු බවද පැවසීය.

එය එසේ වුවහොත් උතුරු පළාතේ සිදුවන ප්රචණ්ඩකාරී ක්රියා අවම වන බවට විශ්වාසය පලකළ අමාත්යවරයා සාමකාමී වාතාවරණය තවදුරටත් පවත්වාගෙන යාමටනම් සැකකටයුතු සිදුවීම් සිදුනොවීමට වගබලාගැනීම ඉතා වැදගත් බවද කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.