ප්‍රේම් වෙබ් අඩවියක

 

logo

 

 

www.premakeerthidealwis.com වෙබ් අඩවිය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාජ ගත කොට ඇත.

 

ඔහුගේ නිර්මාන ද්ගිටල් වෙස් ගෙන අප  හිත පිරිමදිනු  ඇත.ඒ සදාදරණීය මතකය සිත් පුර රැව් දෙනු ඇත.

 

ප්‍රේමකීර්ති සැබවින්ම අපුරු මිනිසෙක් විය.ඔහු ගැන සරු දෙසුමක් පවත්වමින් සමන් අතාවුදහෙට්ට් ඇසු ප්‍රශ්නය අදත් හිත තුල නින්නාද දේ.

 

ප්‍රේම් කිසි දිනක පොතක් තබා පත්තරයක් වත් ගැඹුරින් කියවූ අයෙක් නොවේ. එහෙත් ගඟුලැල්ලකින් සේ අරුත්බර වදන් හා සංකල්පනා ඔහුගේ මුවින්

ගිලිහුණේ කෙසේද? එය සංසාරික උරුමයක් සේ සිතා ඒ ගැන හිතන එක නතර කරමුද?

ප්‍රේමකීර්ති ගේ මිනීමරුවා ජනාධිපති මහින්ද රාජපක්ෂ සෙවණේ සිටින බව ඔහුගේ බිරිඳ  නිර්මලා කියා සිටියාය ඒ හඬත් සාසුන සේ සිටිමුද?

 

[vsw id=”/OUYdnoI25Rs” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

ගුවන් විදුලිය තුල ඔහු කැපී පෙනුනේ නිලධාරිවාදයට එරහිව හඬක්  නැගුවෙක් ලෙසිනි. තැනින්  තැනට ඔහුට දඬුවම් මාරු වෙද්දී ඔහු සසල නොවීය.සුරත බිඳුණු කළත් ඔහුගේ

නිර්මාණාත්මක සිත ඔත්පළ වුවේ නැත.

 

 දකුණත බිඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබද්දී “වමතින් ලියූ කවි” ලියන ආකාරයයි.


ප්‍රේමන් කීර්ති වමතිලියූ කවි

බිඳුණු සුරත අද මට මදි කමක්‌ කමක්‌
වමතට කරන දේ මට දස්‌කමක්‌ කමක්‌
නැතුව කෙලෙස ජිවත් වන්නදෝ එකක්‌
ජීවිතයට ඕනෑ අත් දෙකක්‌ දෙකක්‌

කැවූ පෙවූ උන් මගෙ සුරතෙහිම එතී
නාවත් බලන්නට මගෙ විපතේදි නිති
මුවට අහර දී කවලා පුරුදු නැති
වමත! නුඹෙන් දුටුවෙමි මම මිනිස්‌ ගති

නුඹ ඕනෑය ගහ බැණ ගුටි කෙළින්නට ත්
නුඹ ඕනෑය බුදු ගෙදරදි වඳින්නට ත්
නිරතුරු සුරත පෙරදැරි කර සිතූ මට ත්
නුඹ අද කියා දුන් පාඩම අගෙයි හෙට ත්

පුරුදු කාරියට වැඩි බර පැටවුණි ය
නුහුරු නමුත් එය නුඹගෙන් ඉටුවුණි ය
ගොමත් කිරිත් දෙන්නේ එක එළදෙන ය
නුඹෙන් උගත් පාඩම් නම් අපමණ ය

සුරත වමත නුඹ දෙදෙනා දෙපොළක ය
අගය දැනෙන්නේ නැති වුණ දවසක ය
පණැති තුරා නුඹ දෙදෙනා දෙපසක ය
එක්‌ව බැඳෙන්නේ මළගිය සිරුරක ය

www.premakeerthidealwis.com

 

 

PREMAKEERTHIAL

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.