පාරම්පරික මැටි කර්මාන්ත ශිල්පීන් උද්ඝෝෂණයේ………..

pottery-makersමැටි කර්මාන්තය සදහා පස් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරන ලෙස ඉල්ලමින් පාතදුම්බර සාම්ප්‍රදායික මැටි කාර්මාන්තයේ නියුතු තුන්දහසකට ආසන්න පිරිසක් මහනුවර යාපනය මාර්ගය අඹතැන්න ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් පෙරේදා  (22) දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය.

පරම්පරාවෙන් පරම්පරාවට පැවත ගෙන එන සිය මැටි කර්මාන්ත සදහා මේ වන විට මැටි ලබා ගත නොහැකි බවත් මේ වන විට මැටි ප්‍රවාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවීම නිසා සිය කර්මාන්තය සිදුකිරීමට නොහැකිවී ඇතැයි විරෝධතාකරුවන් පැවසූහ.

සිය ඉල්ලීම් සදහා විසදුම් නොලැබුණු බැවින් පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ පදිංචි සාම්ප්‍රදායික මැටි pottery-makers-4කර්මාන්තයේ නියුතු මුල්ලේගම, එගොඩගම, මෙගොඩගම, මොළගොඩවත්ත, මිල්ලංග, තලගොලවත්ත යන ගම්මානවල පිරිස් පෙරවරු නමයට පමණ අඹතැන්න ප්‍රදේශයේ උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර එය අඛණ්ඩව සිදු කරන බවත් විසදුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී මාරාන්තිත විරෝධතාවක් පවත්වන බව ප්‍රදේශවාසීයෙකු වන ආනන්ද වික්‍රමසිංහ මහතා කීවේය.
තමන් මෙම කාර්මාන්තය සිදු කරන්නේ මහා පරිමාණයෙන් නොවන බවත් තමන්ට කර්මාන්තය සදහා මැටි ලබා ගැනීම මේ වන විට බරපතල ගැටලුවක් වී ඇතැයි විරෝධතාකරුවන් පැවසූහ. ගඩෝල්, උළු වැනි නිෂ්පාදන කරන තමන් මේ වන විට හාරිස්පත්තුව, පාතදුම්බර වැනි අවට ප්‍රදේශවලින් පස් හා මැටි ලබා ගන්නා බවත් මේ වන විට රජය මගින් පනවා ඇති ප්‍රවාහන තහනම හේතුවෙන් සිය කර්මාන්තය අඩාල වී ඇතැයි විරෝධාතාකරුවන් පැවසූහ.

pottery-makers-2අවට ප්‍රදේශවලින් බලපත්‍ර රහිතව පස් ප්‍රවාහනය කිරීමේදී රුපියල් පනස්දහසක පමණ ඉහළ දඩ මුදල්වලට යටත් වීමට සිදුවන බවත් මෙවැනි දඩ මුදලක් ගෙවීමට සිදුවුව හොත් සිය කර්මාන්තයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට සිදුවන බව ඔවුන් කීහ. සාම්ප්‍රදායික කර්මාන්තයේ නියුතු තමන්ට වෙනත් රැකියා සොයා ගත නොහැකි බවත් තමන් හා පවුලේ සාමාජිකයන් ජීවත්වන්නේ මෙම කර්මාන්තයෙන් යැයි ඔවුන් කීහ.

මහා මාර්ගයේ සිට සිදුකළ විරෝධතාවයෙන් අනතුරුව මහනුවර යාපනය ඒ 09 මාර්ගය අඹතැන්නෙන් සම්පූර්ණයෙන්ම අවහිර කළ විරෝධතාකාරුවන් මාර්ගයේ වාඩිවී සිදුකළ උපවාසය හේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල විය.
මාර්ගය වාහන ගමනාගමනය සදහා විවෘත කිරීමට කටුගස්තොට පොලීසිය උත්සහ කළත් විරෝධතාකරුවන් පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට මාර්ගයේ රැදී සිටීම නිසා පැය හතක පමණ කාලයක් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ම ඇණ හිටිණි. මේ නිසා වත්තේගම, රණවන, මැදවල වැනි විකල්ප මාර්ග භාවිතා කිරීමට රියදුරන්ට සිදුවිය.pottery-makers-1

අනතුරුව එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ගලගෙදර ආසනයේ සංවිධායක පද්මලාල් ද අල්විස් මහතා විරෝධතාකරුවන් සමග සාකච්ඡා කොට ගැටලුව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කීවේය. අනතුරුව විරෝධතාකරුවන් විසිර ගිය අතර ඒ නමය මාර්ගය වාහන ගමනාගමනය වෙනුවෙන් වීවෘත විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.