පාසල් යනු කර්මාන්ත ශාලා නොවේ-අකිල විරාජ්

වයඹ රාජකීය විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්  අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ පාසලක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 2000ක් 3000ක් වැනි උපරිමයක පැවතීම වඩාත් යෝග්‍ය වන බවයි.

Displaying DSC_0319.JPG

 

පන්ති ගණන වැඩිකර ළමයින් පුරවන්නට පාසල් යනු කර්මාන්ත ශාලා නොවන බවත්, වසර 2020 වනවිට පන්තියක සිටින දරුවන් සංඛ්‍යාව 35 සීමාවට ගෙන ඒමට දැනටමත් පියවර ගෙන ඇති බවත් මෙහි දී අමාත්‍යවරයා  සඳහන් කළේය.

 

Displaying DSC_0325.JPG
බොහෝ කලකින් අපේ රටේ අධ්‍යාපනය යාවත්කාලීන වී නොමැති බවත්, පාසල් විෂය මාලා සංශෝධනය වී නොමැති බවත්, ලෝකයේ දියුණු රටවල්වල අධ්‍යාපනයේ ස්වභාවයන් හඳුනාගනිමින්, නවීන ලෝකයට ගැළපෙන පරිදි පාසල් විෂය මාලා සකස් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙස මේ වනවිටත් ජාතික අධ්‍යාපන ආයතනයට තමා උපදෙස් දී ඇති බවත් මෙහි දී අමාත්‍යතුමන් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.