පිල්ලෙයාන් යළි රැඳවුමේ

140504183903_sivanesathurai_chandrakanthan_pillayan_640x360_defence.lk

 

 

 

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් නැගෙනහිර හිටපු මහ අමැති හා තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් (ටීඑන්වීපී) පක්ෂයේ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන දෙසැම්බර 10 තෙක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද රහස් පොලිසියට අවසර දුන්නේය.

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනුනේ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස  බව  පොලීසිය කියා සිටියේය.

2005 නත්තල් උත්සවයට සහභාගී වෙමින් සිටියදී පරරාජසිංහම්  හිටපු මන්ත්‍රීවරයා මඩකලපුවේ ශාන්ත මරියා දේවස්ථානය තුල වෙඩි තබා මරා දමා තිබුණි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.