පිස්තෝල එරාජ් යළි වැඩ අල්ලයි……………

eran-fernandoහම්බන්තොට හිටපු නගාරාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත සංවිධායක එරාජ් ප්‍රනාන්දු සහ දකුණු පළාත් සභාවේ විපක්ෂනායක, එජාප මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ මහතා ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් පිරිසකට බැන වැදුන බව LANAKA TRUTH වෙබ් අඩ්විය වාර්තා කරයි. මෙම වෙබ් අඩවිය ජනතා විමුක්ති පෙරමුණට සමීප එකකි. වාර්තා වෙන ආකාරයට පුවත මෙසේය.

“ජේ.වී.පී. කාරයෝ මරපු එකෙක් මම… ප්‍රා කරේ මම… ලියාගන්නවා ඕන එකක්… චන්ඩිකම්වලට එන්න එපා හරිද… චන්ඩින්ට අපි බය නැහැ හරිද…?” යැයි ශ්‍රී ලංකා න්දහස් පක්ෂයේ බෙලිඅත්ත සංවිධාක රාජ් ප්‍රනාන්දු පෙරේදා (18) බෙලිඅත්ත ගැටමාන ප්‍රදේශයේ තරුණයන් පිරිසකට බැනවදිමින් ප්‍රකාශ කර තිබේ. එම ප්‍රදේශයේ පිහිටි රිලාගල නම් කන්දේ ඇති කළු ගලක් කඩා ඉවතට ගෙනයාම සඳහා මර්ගා ආයතනය කටයුතු කරමින් සිටින අතර එයට විරෝධය දක්වා එම ප්‍රදේශයේ තරුණයන් පෙරේදා විරෝධතාවයක නිරතව ඇත. එම ස්ථානයට පැමිණි හම්බන්තොට හිටපු නගාරාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත සංවිධායක එරාජ් ප්‍රනාන්දු සහ දකුණු පළාත් සභාවේ විපක්ෂනායක, එජාප මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ මහතා එම තරුණනයන්ට ඉතා නින්දිත ලෙස පෞරෂවචනයෙන් බැනවදින්නේ තමන් ඉතා දරුණු පුද්ගලයෙකු බවත් ජේ.වී.පී. කාරයන්ට ඕන ලෙස සෙල්ල්ම් කිරිමට ඉඩ ලබා නොදෙනබවත් සඳහන් කරමිණි.

පිස්තෝලයක්ද අතැතිව
එදා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ගෝලයෙකු වූ එරාජ් ප්‍රනාන්දු පසුගිය 2014 වසරේ අපේල් 17වනදා එජාප මන්ත්‍රීවරු පිරිසක් හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ පිස්තෝලයක්ද අතැතිව පැමිණ එජාප මන්ත්‍රීවරුන්ව එම ස්ථානයෙන් පන්නා දැමීමට කටයුතු කරන අතර කුණු බිත්තර වලින් පහරදීමටද කටයුතු කළේය.
එම මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආණ්ඩුවේ අත්නෝමතික භාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති වීදි නාට්‍ය සංදර්ශනයකටද ඔහු පහරදුන්නේ මහින්ද රාජපක්ෂගේ සුවච කීකරු ගෝලයෙකු බව කියාපාමිණි. එරාජ් ප්‍රනාන්දු මේ වනවිට සිදු කරමින් සිටින්නේද තම හාම්පුතා රැකගැනීමේ ඒ සුවච කීකරු කාර්යයමය. එදා මහින්දගේ ගෝලයෙකු වූ එරාජ් අද එජාප මන්ත්‍රීවරුන්ද සමග පැමිණ රන්ලිගේ සුවචකීකරු ගෝලයෙකු වී තමන් ජීවත්වන භූමිය රැකගැනීම වෙනුවෙන් අරගලයක නිරත තරුණයන්ට හයිරම්පාන්නට පටන්ගෙන තිබේ.

ජල උල්පත් විනාශවී යාම
මෙම රිලාගල කැඩීමට පටන්ගෙන ඇත්තේ දක්ෂින අධිවේගී මාර්ගයට අවශ්‍ය කළුගල් සපයාගැනීමටය. එහෙත් මෙම රිලාගල ප්‍රදේශය ඉතා සංවේදී ජෛව්‍ය විවිදත්වයෙන් යුතු කලාපයක් වන අතර එහි තේ වගාවන්ද දක්නට ලැබේ. ප්‍රදේශයට අවශ්‍ය ජලය ලබාගන්නේද මෙම කන්ද ආශ්‍රිතව ගලා බසිනා ඡල උල්පත්වලිනි. මෙම කන්ද කඩා විනාශ කළ විට එම ජල උල්පත් විනාශවී යාම, තේවගාව විනාශවීම සහ එම ප්‍රදේශයේ ජන ජීවිත විනාශවීම වැලැක්විය නොහැකි කරුණක් වන අතර එහි ජෛව විවිධත්වය විනාශ වීමෙන් පරිසරයට වන හානිය රටේ අනාගත පරමිපරා ගණනාවකට වන්දි ගෙවීමට සිදුවන මහා අපරාධයක් වනු නියතය.
එවැනි විනාශයක් වෙනුවෙන් එරාජ් ප්‍රනාන්දුලා, තෙන්නකෝන් නිලමේලා අද ජනතාවට අවි අමෝරමින් සිටි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.