පුංචි චන්ද පවත්වන ලෙස බලකරමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පුටු උඩ නගි

Parliamentපළාත් පාලන ඡන්දය පවත්වන්නැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සුළු වේලාවක් සිය ආසන මතින් නැගිටිමින් පාර්ලිමේන්තුවේදි අද (29) විරෝධතාවයක් නිරත වූහ.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගෙන් විමසා සිටියේ පළාත් පාලන මැතිවරණයසේම පළාත් සබා මැතිවරණයත් කල් දැමිමට කටයුතු කරනවාද යන්නයි.

මේ අවස්ථාවේදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සිය අසුන් මතින් නැගිට ඡන්දය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලා සිටියහ. විමල් විරවංශ, ප්‍රසන්න රණතුංග, කෙහෙළිය රඹුක්වැල්ල, චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, කාංචන විජේසේකර, ජානක වක්කුඹුර, ගීතා කුමාරසිංහ, ශ්‍රීයාණි විජේවික්‍රම, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරු නැගී සිටිමින් මෙලෙස ෆයිසර් මුස්තාපාට විරෝධය දැක්වූහ.

ඊට පිළිතුරු දුන් ඇමති ෆයිසර් මුස්තාපා මම ඡන්දය ප්‍රමාද කරන්නේ නැහැ. සීමා නිර්ණය කිරිමේ කටයුතු හරියට කරලා නැති නිසා එය නිවැරදි කරන්න කියලා මට අභියාචනයක් ආවා. එතනදි මට නිකම් ඉන්න බැහැ. ඒකට ඉඩ දෙන්න ඕනේ. එහෙම නැතුව මම ඡන්දය තියන්නේ නැතුව ඉන්නේ නැහැ යැයි කිවේය.

ඇයි ඡන්දය තියන්නේ නැත්තේ මොකද ඡන්දයට තියෙන බය…. යැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ඇමති – මම ඡන්දය ප්‍රමාද කරන්නේ නැහැ. සීමා නිර්ණය කටයුතු ප්‍රමාධද ඒකයි හේතුව

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.