පේරාදෙණියෙන් කොළඹට ගිය පර්යේෂකයා

 

f4b7ce5da64afeb5893382c9ea2a025d_XL (1)

 

 

තිස්ස සර් නැතිවෙලා.ඉහළට හුස්මක් ඇදගත් ම ඒ සුසුම පිට කළේ මේ සරල නිහතමානී මිනිසාට නිවන් මග අත්වේවා  යන පැතුමෙනි.

 

ඒ දිනවල සරසවි ඇදුරන් ගෙන් සංවාද සටහන් කරගෙන ඒවා පුවත්පත් වල වැපිරීම මගේ රැකියාව විය.

පේරාදෙනි අතීතය අප නිතර කතා භ කළ තේමාවක් විය.

 

ප්‍රසිද්ධදිට වැඩි කැමැත්තක් නොදැක්වූ තිස්ස ජයවර්ධනයන් ගෙන් කිසි දිනක පුවත් පත් සංවාදයක් ලබාගත නොහැකි විය.ඔහු ජීවත් වූයේ ඔහු ගේ ලෝකය තුළයි.

 

ඔහුගේ ශාස්ත්‍රීය සේවය පිළිබඳව ම දන්නා දෙය නම් ඔහ්ව අගය කළ ය මෙන්ම ඔහුව ප්‍රශ්න කල අයත් ඔහු ගේ ශාස්ත්‍රීය සේවාව අගැයු බවයි.

 

ඒ නොදන්න කොටස ගැන කතා කිරීමට ඔහුගේ සිසුවෙක් වන චින්තක රණසිංහට පවරා තවත් අකුරු පේළි කීපයක් ගිය තැන තිස්ස ජවර්ධ්නයන් පිළිබඳව දන්නා යමක් කියන්නම්.

 

කවුද? මේ තිස්‌ස ජයවර්ධන
ලංකාවේ බහුතර උගතුන් මහාචාර්යවරුන් පොදුජනයා අතර ජනප්‍රිය චරිත බවට පත් වී තිබෙන්නේ ජනමාධ්‍යවල නිරන්තරයෙන් ඔවුන් දක්‌වන නියෝජනයත් සමඟය. පොදු ජනයාට උපදෙස්‌ දීම, විෂය දැනුම ලබාදීම, විවිධ විනිශ්චය මණ්‌ඩලවල සාමාජිකයන් ලෙස කටයුතු කිරීම මෙන්ම තීරු ලිපි රචකයන් හා ජනප්‍රිය විශේෂාංග රචකයන් ලෙස පෙනීසිටීම මෙම ජනප්‍රිය උගතුන්ගේ කාර්යය බව නිරීක්‍ෂණය කළ හැකිය. එහෙත් යම් විශ්වවිද්‍යාලයකට ඉගෙනුම සඳහා විශේෂයෙන් ම විභාගයක්‌ පාස්‌ කිරීම හා සහතිකයක්‌ ලබා ගැනීමට ඔබ්බෙන් ඉගෙනුම සඳහා ඇතුළුවන ශිෂ්‍යයකුට හමුවන – නිතර මාධ්‍යවල දක්‌නට නොලැබෙන විරල විශිෂ්ට චරිත කිහිපයක්‌ දක්‌නට ලැබේ. එම සුළු පිරිස අතර ප්‍රමුඛයෙකු ලෙස තිස්‌ස ජයවර්ධන හඳුනාගත හැකිය.

කෑගල්ල ප්‍රදේශයේ උපන් තිස්‌ස ජයවර්ධන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ හැටේ දශකයේ මුල් කාර්තුවේය. ඒ වන විට ඔහු ප්‍රාචීන භාෂා විභාග යම් තරමකින් නිම කර සාම්ප්‍රදායික ආරාමික අධ්‍යාපනයේ උරුමය අත්පත් කරගෙන සිටියේය.

මේ වන විට පේරාදෙණියේ සිංහල අංශය තුළ මහාචාර්ය ම. ව. සුගතපාල ද සිල්වා තම අභිනව වාග් විද්‍යා ඥානය වපුරමින් සිටියේය. බටහිර ලැබූ අභිනව ශික්‍ෂණය සිංහල ශිෂ්‍යයා වෙත ගෙන යැම සඳහා විෂය මූලික පෙළ පොත් රචනා කිරීම මෙන්ම නිස්‌සන් තෝරා ගනිමින් දිරිමත් කරමින් ඔවුන්ට ඉහළ මට්‌ටමේ පශ්චාත් උපාධි ලබාදීම සඳහා ජාත්‍යන්තර සාධකය සැකසීම ද මෙම වැඩසටහනෙහි කොටසක්‌ වූ බව පෙනේ. තිස්‌ස ජයවර්ධන නමැති දීප්තිමත් ශිෂ්‍යයා ලන්ඩන් සරසවියේ උසස්‌ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා නික්‌ම යන්නේ මෙම පසුබිම තුළය. ලන්ඩන් පශ්චාත් උපාධිය තිස්‌ස ජයවර්ධන නව විෂය ලෝකයක්‌ වෙත රැගෙන ගියේය. මේ වන විට µර්නින්ඩ් දො සොසුයෝර්ගේ අධ්‍යයනයත් සමඟ වාග් විද්‍යා විෂය තුළ ඇති වී තිබූ වෙනස්‌කම් එම විෂයේ විවිධ ක්‍ෂේත්‍ර වන වාක්‍ය විචාරය, පද විචාරය, ශබ්ද විචාරය, අර්ථ විචාරය යන ඒවා තුළ පැතිර ගොස්‌ තිබුණේය. ලෙනාඩ් බ්ලූම්µsල්ඩ්, චාල්ස්‌ µsල්මෝර් වැනි අදාළ විෂය ක්‍ෂේත්‍රයේ විශිෂ්ටයන්ගේ බලපෑම තිස්‌ස ජයවර්ධන ලබා ගන්නේ මේ ආකාරයෙනි.

ආචාර්ය තිස්‌ස ජයවර්ධන
පශ්චාත් උපාධිය ලබා මවුබිමට පෙරළා පැමිණි තිස්‌ස ජයවර්ධන විශාල වැඩ කොටසක්‌ ඉටු කරනුයේ ශිෂ්‍යයන්ට මෙම විෂයය හඳුන්වා දීම සඳහා ය. මියයන තෙක්‌ම ඔහු අඛණ්‌ඩව ඉගැන්වීමේ කාර්යයෙහි නිරත විය. කොළඹ සරසවියේ සිංහල අධ්‍යයන අංශය සහ කැලණිය සරසවියේ වාග් විද්‍යා අංශය ඔහුගේ ඉගැන්වීමෙන් ඔපවත් වූ ආයතන දෙකකි. උපාධි ශිෂ්‍යයා මෙන්ම පශ්චාත් උපාධි ශිෂ්‍යයා ද ඔහුගෙන් ඉගෙනීමේ මහා භාග්‍යය ලබාගත්තේය. එසේම සිංහල හා ඉංගී්‍රසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීමට ඔහු දැක්‌වූ දක්‍ෂතාව විරල විශිෂ්ට එකක්‌ බව මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත.

නූතන වාග් විද්‍යා සංකල්ප

තිස්‌ස ජයවර්ධන තම ආචාර්ය උපාධිය මගින් ලබාගත් නූතන වාග් විද්‍යා සංකල්ප තම ශිෂ්‍යයන්ට ඉගැන්වීම සඳහා ඉතාමත්ම සියුම් ක්‍රමවේද සකස්‌ කළ ශිෂ්‍යයෙකි. ඓතිහාසික වාග් විද්‍යාව මෙන්ම ව්‍යුහාත්මක වාග් විද්‍යාව ද තම මූලික විෂය වන වාක්‍ය විචාරයට අමතරව ඔහුගේ ඉගැන්වීමේ විෂය පථය ලෙස නිරතුරු භාවිත විය. සාම්ප්‍රදායික ව්‍යාකරණය තුළ පැවැති සීමා සහ භාෂාමය අගතීන් නූතන වාග් විද්‍යා ඥානය මගින් කර්කශ ලෙස විවේචනය කරමින් පිළිකුලින් ඉවත දැමීමේ ජනප්‍රිය වාග් විද්‍යාත්මක ක්‍රමවේදය වෙනුවට මෙම ශික්‍ෂණ දෙකම තුලනාත්මකව ගෙන විග්‍රහ කිරීමේ ක්‍රමවේදයක්‌ ඔහු නිර්මාණය කළේය. සරලව පවසන්නේ නම් ඔහු සාම්ප්‍රදායික ප්‍රාචීන අධ්‍යාපනයත්, බටහිර වාග් විද්‍යාවත් අතර ශාස්‌ත්‍රීය සංහිඳියාවක්‌ නිර්මාණය කළේය.

තිස්‌ස ජයවර්ධන කොළඹ සිංහල අංශයේ වාග් විද්‍යා ප්‍රවේශය මෙන්ම ඓතිහාසික වාග් විද්‍යාව 1 හා 2 යන ජනප්‍රිය පාඨමාලා සඳහා ලබා දුන් ආලෝකය ඔහුගේ විරුද්ධවාදීන් පවා සිහිකරන්නේ වැළැක්‌විය නොහැකි ගරුත්වයක්‌ පදනම් කොට ගනිමිනි. දිගු සටහනක්‌ දීම, විශාල පදාසයක්‌ විස්‌තර කිරීම වෙනුවට ඉතා කෙටි එහෙත් අදාළ විෂයේ මූලික හරය ගැබ් කොට ගත් කියවීමක්‌ ශිෂ්‍යයාට ලබාදීම ඔහු භාවිත කළ ප්‍රධාන විධික්‍රමයක්‌ ලෙස පෙන්වා දිය හැකිය. ඔහු තෝරාගත් උදාහරණ අතිශයින් ජනප්‍රිය සාහිත්‍යමය ගති ලක්‍ෂණ පළ කළේ ඔහු සාහිත්‍යධරයකු නොවන සන්දර්භයකදී වීම උත්ප්‍රාසාත්මක තත්ත්වයක්‌ උදාකරයි. සාම්ප්‍රදායික වරනැඟීමේ එන ප්‍රථමා විභක්‌ති යනාදී වර්ගීකරණය වෙනුවට වාග් විද්‍යානුකූල එම වරනැඟීම පළමු, දෙවැනි ආදී විභක්‌ති ලෙස දැකීමටත් එය සාම්ප්‍රදායික විභක්‌aති සමඟ සංසන්දනාත්මකව බැලීමටත් ශිෂ්‍යයා පුහුණු කළේ තිස්‌ස ජයවර්ධනය. පදිම හා පදාණු නම් වාග් විද්‍යාවේ මූලික සංකල්ප පිළිබඳ ඉතා නිරවුල් අවබෝධයකින් යුක්‌තව ව්‍යක්‌තව එය ඉදිරිපත් කිරීමේ වැදගත් මෙහෙවර තිස්‌ස ජයවර්ධන විසින් සිදු කළ තවත් මෙහෙවරකි. වර්තමානයේ අර්ථ විචාරය. කතිකා විශ්ලේෂණය වැනි වාග් විද්‍යාව සමාජ හා සාහිත්‍ය කතිකාව සමඟ ස්‌පර්ශ කෙරෙන්නා වූ විෂය ප්‍රදේශ මහත් අභිරුචියෙන් යුක්‌තව සාකච්ඡා කරන බහුතරය ඉතා ව්‍යාකූල මත පළ කරති. ඔවුහු එම මූලික සංකල්ප පිළිබඳ අවබෝධය නොමැති වීම නිසා බව පැහැදිලි සත්‍යයකි. තිස්‌ස ජයවර්ධනගේ පාද මූලයේ ඉගෙනීමට ලැබීම මේ නිසා පසු කාලීනව වෙනත් ඕනෑම ශික්‍ෂණයක්‌ සඳහා ගැඹුරු ශක්‌තිමත් පදනමක්‌ සකස්‌ කරලීමක්‌ විය. ඉතා ව්‍යක්‌ත ලෙසත් හාස්‌යෝත්පාදක ලෙසත් ඔහු ගත් උදාහරණ තවමත් මගේ මතකයේ පවතී. අල හා ඇළ යන වචන දෙක විග්‍රහ කිරීමට ඔහු පෙළඹුණේ පහත ආකාරයෙනි.

“අල යනු පොළෙන් ගෙදරට ගෙනෙන කිසියම් ආහාර ද්‍රව්‍යයකි. ඇළ යනු එම ද්‍රව්‍යය කුණු වූ විට දමන ස්‌ථානයයි.” ඒ ඔහුගේ ප්‍රවේශයයි. ඉන් පසු ඔහු ආ හා ඇ අතර පවතින වාග් විද්‍යාත්මක වෙනස විග්‍රහ කිරීම අරඹයි.

කුරුල්ලා සහ වැද්දා වචන විග්‍රහයේදී ඔහු නිරන්තරයෙන් ගෙන ආ උදාහරණ දෙකකි. වැද්දා පිළිබඳ විග්‍රහ කිරීමට පෙර හෙතෙම මෙසේ පවසයි.

”වැද්දා යනු ලංකාවේ යම්කිසි ප්‍රදේශයක වසන්නා වූ අපට වඩා ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය කොට්‌ඨාසයකි.” එම ප්‍රකාශයත් සමඟ ව්‍යාකරණ, වාග් විද්‍යාව වැනි විෂයයන්ට එතරම් ඇලුම් නොකරන අය පවා යම් ආකර්ෂණයකින් ඒ දෙසට නැඹුරු වෙති.

තිස්‌ස ජයවර්ධනගේ මෙම නව ඉගැන්වීමේ උපක්‍රම (Teaching Methods) බොහෝ නවීන අධ්‍යාපනඥයන් විසින් පර්යේෂණ මගින් හඳුන්වා දුන් ක්‍රමවේද බව අවබෝධ කර ගත හැකිය. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක්‌ වන්නේ නව ඉගැන්වීම් හා ඉගෙනීමේ ක්‍රමවේද වෙනුවෙන් නිර්මාණය කළ කීර්තිමත් ආයතනයක්‌ වන කොළඹ සරසවියේ Staff Development Center ප්‍රථම අවධියේ ස්‌වෙච්ඡාවෙන් පුහුණුව ලැබීමට කැප වූ ජ්‍යෙෂ්ඨතම ඇදුරා තිස්‌ස ජයවර්ධන වීමයි.

ලිපි ලේඛන
පත පොත පළ නොකළ ද ඉතා අගනා විරල ලිපි කිහිපයක්‌ම ඔහු අතින් රචනා වුණි. ඒවා මෙරට විවිධ ශාස්‌ත්‍රීය සඟරාවල පළ වී තිබේ. කොළඹ සරසවියේ සිංහල සංගමයෙන් ප්‍රකාශයට පත් කළ ‘සාරස්‌ සඟරාවට ඔහු ලියූ ‘පර්දිනන්දි දො සොසුයෝ නම් නූතන වාද් විද්‍යාවේ පුරෝගාමී වාග් විද්‍යාඥයා’ පිළිබඳ ලිපිය මේ අතර අතිශයින්ම වැදගත් ශාස්‌ත්‍රීය ප්‍රතිපාදනයකි. සොසුයෝර් පිළිබඳ බොහෝ ව්‍යාකූල වැරදි අදහස්‌ සමාජගත වන මොහොතක මුල් කෘති හා අටුවා පරිශීලනය කරමින් නිරවුල් බසකින් ලියූ මෙම ලිපිය අදත් තත් විෂය අධ්‍යයනය කරන්නා වූ සිසුන් රැසකට සුවිශාල මෙහෙවරක්‌ ඉටු කරයි.

ඔහුගේ විචාරාක්‍ෂිය මැනවින් පිළිබිඹු කරන තවත් වැදගත් විවරණයකි, විල්හෙල්ම් ගයිගර්ගේ ‘The Linguistic Character of sinhalese’ නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ ‘සිංහලයේ වාග් විද්‍යාත්මක ස්‌වරූපය’ නමැති ග්‍රන්ථයට සැපයූ විචාරය. මහාචාර්ය බලගල්ලේ සිංහලයට පරිවර්තනය කළ මෙම පොතට සැපයූ විවරණය ඓතිහාසික වාග් විද්‍යාවත් සංස්‌කෘතික වාග් විද්‍යාවත් මනාව මිශ්‍ර කරමින් ඔහු ලැබූ පරිචය පෙන්වන කදිම කැඩපතකි. සංස්‌කෘත විශේෂ සම්බුද්ධ ජයන්ති කලාපයේ පළ වූ මෙම ලිපිය (2008 මැයි) ඩබ්. ඇස්‌. කරුණාතිලක වැනි විද්වතුන්ගේ වටිනා අදහස්‌ උපුටා ගනිමින් ස්‌වාධීන ලෙස තම අදහස්‌ ඉස්‌මතු කළ අවස්‌ථාවකි.

හුදෙක්‌ නිරුක්‌ති වෙනුවෙන් සටන් කිරීමේ සාම්ප්‍රදායික ව්‍යාකරණ හුරුව ඉක්‌මවන මෙම විචාරය භාෂා කීපයක රූප (forms) සංසන්දනය කරමින් රචනා කරන ලද අගනා පර්යේෂණයක්‌ ලෙස සැලකිය හැකිය.

තිස්‌ස ජයවර්ධනගේ භාෂාත්මක අධ්‍යයන ප්‍රවේශ වඩාත් ම ප්‍රකට කරන තවත් ලිපියකි. සාහිත්‍ය විශේෂ කලාපය 2012 ඔහු ලියූ ‘පියවි හෙවත් ප්‍රකෘති නිර්වචනය හා ගවේෂණ ක්‍රියාවලිය’ නම් ලිපිය. සිදත් සඟරාවේ පියවි පිළිබඳ විග්‍රහයෙන් තම විග්‍රහය අරඹන කතුවරයා සාම්ප්‍රදායික ව්‍යාකරණය හා වාග් විද්‍යාව යන විෂය ක්‍ෂේත්‍ර අතර මනා සංහිඳියාවෙන් යුක්‌ත ශාස්‌ත්‍රීය පරිචයක්‌ නිර්මාණය කරයි. වචන ගොනු හා වර නැඟීම් පිළිබඳ ඉතා තීක්‍ෂණ හා සංසන්දනාත්මක විග්‍රහයක්‌ මෙම ලිපියේ දැකිය හැකිය.

මේ අනුව බලන විට තිස්‌ස ජයවර්ධන යනු හොඳ පර්යේෂණාත්මක ලිපි ලියූ ශාස්‌ත්‍රඥයෙකි. ලේඛකයෙකි.

 

colombo

 

සිංහල අංශාධිපති වරයා

මහචාර්ය තිස්ස ජයවර්ධන කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශාධිපති වරයා ලෙස සේව්‍ය කරන කාලය තුළදී බරපතළ ගැටුම් හට ගත්තේය. ශ්‍රී  ලංකා පරිපාලන සේවා උත්තර පත්‍ර පැකට්ටුවක් අස්ථානගත වීමේ සිදුවීමක් උසාවිය දක්වා  ගියේය. ගැටුම කලමනාකරනය  කරගත නොහැකිව උගත් ආචාර්ය මහාචාර්යවරු නොදරුවන් සේ හැසිරෙන්නට වුහ.

මේ සිදුවීම් මාලාව තමන්ට දැඩිව බලපාන බ තිස්ස ජයවර්ධන නිතරම කියා සිටියේය.ප්‍රශ්න පත්‍ර පැකට්ටුව සම්බන්ධයෙන් කුමක් සිදුවීද යන්න අදත් අභිරහසකි.

මේ සිදුවීමෙන් ගත හැකි පාඩම නම් භාවමය ගැටළු සහ අර්බුද සමථයකට පත් නොකරගත් විට උදාර අරමුණු යටපත් වී ඉතා අමිහිරි පරිසරයක් බිහිවෙන බවයි.

මේ අවාසනාවන්ත තත්වය හේතුවන් තිස්ස ජයවර්ධන නම් අගනා පර්යේෂකයා යටපත් විය.එහෙත් චින්තක විසින් දක්වා ඇති පරිදි පසුකාලීනව කැලණිය විශ්ව විද්‍යාලය හා සම්බන්ධවී මහාචාර්ය තිස්ස ජයවර්ධන තම ශාස්ත්‍රීය සේවාව අකණ්ඩව කරගෙන යෑම සතුටට කරුණකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.