පොහොට්ටුවෙන් අවුලක්………….

mahinda-rajapaksaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලෙන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කරගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවත් ඇත්ත තත්වය ඊට ඉඳුරාම වෙනස් බව ආරංචි පත්‍ර යමින් පවතී. බැසිල් රාජපක්ෂ ගේ භූමිකාව සම්බන්ධයෙන් නිරන්තර ගැටළුවක් රාජපක්ෂ පවුල ඇතුළත පැවති අතර දැන් එය යළිත් ඉස්මතු වී ඇත.

මේ අවස්ථාවේදී මතුවී ඇති නීතිමය අභියෝග විසඳා ගැනීමට රනිල් වික්‍රමසිංහ සමඟ යම් කිසි එකඟතාවක් ඇතිවී තිබෙන අතර එම එකඟතාවට මෙම නව වැඩ පිළිවෙල බධාවක් විය හැකි බව මහින්ද රාජපක්ෂ මහතාට සමීප පිරිස් පෙන්වා දෙති. අනෙක් අතට වීධායක බලතල අවතක්සේරු කළ යුතු නැති බව මේ පීරිස පෙන්වා දෙති.

මේ වන විට හෙළිදරව් වී ඇති තොරතුරු විමර්ශන කඩිනම් කිරීමට ජනධිපතිවරයා කටයුතු කළහොත් මහින්ද රාජපක්ෂ පවුලේ උදවියට දුෂ්කර තත්වයක් උදවිය හැකි බවයි මහින්ද රාජපක්ෂ මහතාට සමීප පිරිස් පෙන්වා දෙන්නේ. ‘ ගිය පාර මහින්ද මහත්තයා වලේ වැටුනේ රෑ මෙදා පාර මහ දවල්’ යැයි රාජපක්ෂ පවුලේ සමීප හිතවතෙක් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.