බස් රථය කන්දක හැපෙයි… දරු පැටවු 69 අනතුරට…

agarapathanaඅද ( 10)  උදෑසන බස් රථයක් පස් කන්දක ගැටීමෙන්  පාසල් දරු පැටවු 69 දෙනෙක් ඇතුළු පුද්ගලයන් 73 දෙනෙක් අනතුරට ලක් වූහ.  තුවාල ලත් සියලුම සිසුන් ආගරපතන දෙමළ මහ විදුහලේ අධ්‍යාපනය ලබන බව පොලීසිය පවසයි.

අනතුරට ලක් වූයේ  තලවාකැලේ සිට ආගරපතන ඩයගම දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකි. වාලමලෙයි හෙල්බොඩ වතුයාය ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබේ. තුවා ලැබූ අය ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

තරමක් අසාධ්‍යය තත්ත්වයේ පසුවූ සිසුන් සිව්දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට මාරුකර යැවූ බව ආගරපතන රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ජේ.රාජන් කීය.

බස් රථය බෑවුම් සහිත ස්ථානයක ධාවනය වෙමින් තිබියදී එහි කාර්මික දෝෂයක් ඇතිව තිබෙන අතර රියදුරු බස් රථය නවත්වා ගැනීම සඳහා මාර්ගට යාබද පස් කන්දක බසය හප්පා තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී ඇත.බස් රථයේ රියදුරු ආගරපතන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රෝහල් ගත කළ සිසුන් අතරින් අති බහුතරයකට කම්පනය හා සුළු තැලීම් තුවාල සිදුව ති‍බෙන බවත් ඔවුන් අතරින් 53 දෙනකු පස්වරුවේ ටිකට් කපා නිවෙස් වලට යැවූ බවත් දිස්ත්‍රික් වෛද්‍යවරයා පැවසුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.