බැඳුම්කර දූෂිතයින්ට දඬුවම් – ජවිපෙන් යෝජනා

Tilvin Silvaකෝප් වාර්තාව පිළිබඳ ගත යුතු හදිසි ක්‍රියාමාර්ග හයක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් ඉදිරිපත් කොට ඇත.

  • මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ කෝප් වාර්තාව පදනම් කර ගනිමින් මෙම වංචාවට සම්බන්ධ සියලූම දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට හා එහිදී වැරදිකරුවන් වන සියලූ දෙනාට උපරිම දඬුවම් ලබාදීමටත් රජයට වංචා කළ මුදල් ප‍්‍රමාණය ආපසු අයකර ගැනීමටත් අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීම.
  • මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට කෝප් වාර්තාවේ සඳහන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දැනට දරන රජයේ හා ආර්ථිකයේ සියලූ තනතුරුවලින් වහාම ඉවත් කිරීම හා නැවත රජයේ කිසිදු තනතුරකට පත් නොකිරීම.
  • බැඳුම්කර වංචාව මගින් අධික ලාභයක් ලබා ඇති පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මෙම වංචාව මගින් උපයා ගත් වත්කම් පිටට රැගෙන යාමේ ඉඩක් පවතින නිසා එම සමාගම හා ඊට අනුබද්ධ සියලූ සමාගම්වල සියලූ වත්කම් හා මුදල් පිටට රැුගෙන යාම වැළැක්වීමට අවශ්‍ය නීතිමය කි‍්‍රයාමාර්ග වහාම ගැනීම.
  • කෝප් වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු අනුව මෙම වංචාවට සම්බන්ධ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහ බැංකුවේ ප‍්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ ලැයිස්තුවෙන් වහාම ඉවත් කිරීම.
  • මෙම වංචනික ගනුදෙනුව සඳහා තම වෘත්තීය වගකීම මගහරිමින් මෙම ගනුදෙනුවට සහාය දැක්වූ මහ බැංකුවේ නිලධාරීන් විසින් බැඳුම්කර වංචාව පිළිබඳ කරන පරීක්‍ෂණවලට බාධා කළ හැකි නිසාරීක්‍ෂණ නිමවන තුරු ඔවුන් මෙයට අදාළ වගකීම්වලින් වහාම ඉවත් කිරීම.
  • එසේම, වත්මන් කෝප් වාර්තාවට පෙර 2015 අගෝස්තු 09 ඉදිරිපත් කළ කෝප් වාර්තාවෙන්ද පෙන්වා ඇති කරුණු සැලකිල්ලට ගනිමින් පසුගිය කාලය පුරා මහ බැංකුව මගින් බැඳුම්කර නිකුත් කිරීමේදී හා විවිධ මූනුදෙනුවලදී සිදුව ඇති වංචා සහ අක‍්‍රමිකතාවයන් සෙවීම සඳහා විධිමත් පරීක්‍ෂණයක් සිදුකිරීම.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.