බැසිල් රාජපක්ෂ ආප්ප න්‍යායෙන් වැඩ…………..

basil23නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබා නොදීම සඳහා තමන් පොදු ජන පෙරමුණ හරහා මෙහෙයුමක් දියත් කොට ඇති බව බැසිල් රාජපක්ෂ පැවසීය. මේ සඳහා අනුගමනය කරන ක්‍රියා මාර්ගය කුමක්දැයි විමසු විට තමන් ආප්ප න්‍යායෙන් වැඩ කරන බවයි. මේ තත්වය හමුවේ ඔළු ගෙඩිවල පැති මාරුවක් සඳහා කෙරෙන මෙහෙයුම් ඉක්මනින් අපේක්ෂා කළ හැකි වෙනු ඇත.

වර්තමාන ජනාධිපති සිරිසේන මහතා අන්තිම මොහොතේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අකාරයටම තමන්ද අන්තිම මොහොතේ තම සැලැස්ම ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ. දැනට පළාත් පාලන මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදීව කල් දමා ඇති හෙයින් එම මැතිවරණ පවත්වා ගැනීම තමන් ගේ අරමුණ වන බවයි බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ. සොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වන්නේදැයි අසු විට එසේ වෙතොත් තමන් ඒ පිළිබඳව ඉතා සතුටට පත්වෙන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.