බුද්ධි නිලධාරියාගේ මරණයත් සමගම බුද්ධි අංශ හා ආරක්ෂක අංශ තුල කැළඹිලිකාරී තත්ත්වයක්?

lasantha wickramathunge - bolt gunසන්ඬේ ලීඩර් කතුවරු ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීමේ වගකීම භාර ගත් බව කියන කෑගල්ලේ කරඬුපොල පදිංචි සාජන් මේජර් වරයෙක් ගෙල වැලලාගෙන මිය යාමත් සමගම බුද්ධි අංශ හා ආරක්ෂක අංශ තුල කැළඹිලිකාරී තත්ත්වයක් මතුවී තිබේ. කෑගල්ල පොලිසියට මෙම සිදුවීම වාර්තා වූ විගසම එම පොලිසියේ නිලධාරීන් තමන්ගේ ඉහල නිලධාරීන් වෙත මේ පුවත දන්වා ඇති අතර දැන් ඒ පිළිබඳව ආරක්ෂක බලධාරීන් අතරේ සාකච්චාවක් ඇතිවී තිබේ.

විශ‍්‍රාමික සාජන් මේජර් වරයා තිදරු පියෙක් වන අතර ඔහු 52හැවරිදිය. කරඬුපොල දෙහිපිටිය පාරේ පදිංචි මේ සාජන් මේපර්වරයා පසු ගිය දින කිහිපය තුලම යම් කිසි නොසන්සුන් ආකාරයකට හැසිරී ඇති බවයි ඔහු ලඟින් ඇසුරු කල අය කියා සිටින්නේ. ඔහු ලියා ඇති ලිපිය ඉතා කෙටි එකකි. ඔහු පවසන පරිදි ඔහු සියදිවි නසා ගැනීමත් සමගම මේ පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන මලින්ද උදලහගම නිදහස් කිරීමට පිලියමක් කොට ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මූලික රෝහලේදී පැවැත් වීමට නියමිත අතර ඔහුගේ සිරුර මේ වනවිට රෝහලට ගෙනවිත් ඇත. ඔහු නිවසේ උදෑසන 8.30 ට පමණ මුළුතැන්ගෙයි වහලයේ බාල්කයක නයිලෝන් නූලකින් ගෙල වැලලාගෙන මියගොස් ඇත. මේ සිදුවීමක් සමගම ලසන්ත වික‍්‍රමතුංග නඩුවේ කවර වෙනස් වීම් ඇතිවිය හැකිද යන්න පිළිබඳව ප‍්‍රශ්න මතුවී තිබේ. අනෙක් අතට සාජන් මේජර් වරයාගේ මරණය සහ මෙම සිදුවීම අතර සැබැවින්ම සම්බන්ධයක් ඇත්ද යන ප‍්‍රශ්නය මතුවී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.