බොදුබලය සංහිදියාව විනාශ කරනවා – උතුරු පළාත් සෞඛ්ය අමාත්ය පී. සත්යලිංගම් පැවසීය

P Sathiyalingamඋතුරේ ඇති වුණු ප්රශ්ණයක් මුල් කරගෙන දකුණේ බලවේග විරෝධතා දැක්වීම උතුරේ සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව අතර අනාදිමත් කාලයක සිට ගොඩනැගී ඇති සංහිදියාවට විශාල තර්ජනයක් බව උතුරු පළාත් සෞඛ්ය අමාත්ය පී.සත්යලිංගම් පැවසීය. උතුරු පළාත් සෞඛ්ය අමාත්යවරයා එසේ පැවසුවේ බොදුබල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කීපයක් 30 වෙනි සිකුරාදා දහවල් වවුනියාවේ පැවැත්වූ විරෝධතාවයට තමන්ගේ විරුද්ධත්වය පල කරණ බව මාධ්යවේදීන්ට දැණුම් දෙමිනුයි.

වවුනියාවේ සිංහල වැසියන්ට සිදු වූ ඕනෑම අසාධාරණයක් වෙණුවෙන් ඔවුන් වීථිබැස උද්ඝෝෂණය කරන්නේනම් එහි සාධාරණයක් ඇති බව කී සත්යලිංගම් අමාත්යවරයා පිටස්තර පළාත්වලින් සංවිධානාත්මකව පැමිණ විරෝධතා දක්වන විට උතුරේ වැසියන් තුළ පවතින සංහිදියාවට,සහෝදරත්වයට විශාල හානියක් සිදුවන අන්දම විස්තර කළේය. ප්රධාන අමාත්යවරයා පවසා ඇත්තේ සිංහල බෞද්ධ ජනතාව නොවෙසෙන පළාත්වල ඇතැම් පිරිසකගේ බලපුළුවන්කාරකමට බුදුපිළිම ඉදි කිරීම අනවශ්ය ප්රශ්න ඇති කරන්නක් යන්න බවයි.

එම ප්රකාශයට තමන්ද එකග බව කී උතුරු පළාත් සෞඛ්ය අමාත්යවරයා හින්දු ජනතාව නොමැති බෞද්ධ ජනතාව පමණක් වෙසෙන පළාත්වල කෝවිල් ඉදි කිරීම කෙරෙහිද තමන් විරුද්ධ බව පැවසීය.

සිංහල ජනතාව උතුරු පළාත තුළ ජීවත් වීම කෙරෙහි ප්රධාන අමාත්යවරයා පමණක් නොව උතුරේ කවර දේශපාලනඥයෙකු හෝ විරුද්ධ නොවන බව්ත් ඕනෑම අයෙකුට මේ රටේ ඕනෑම පළාතක තමන්ගේ අභිමතය පරිදි ජීවත්විය හැකි බවද අමාත්යවරයා කියා සිටියේය.

නමුත් රජය විසින් සංවිධානාත්මක ලෙස මහා වනය එළිකරමින් බලහත් කාරයෙන් උතුරු පළාත තුළ සිංහල වැසියන් පදිංචි කොට නව සිංහල ජනාවාස ඉදි කිරීම කෙරෙහි සියළු දෙනාම විරුද්ධ වන බව සත්යලිංගම් අමාත්යවරයා පෙන්වා දුන්නේය. එවැනි සිද්ධීන් නිසා දෙමළ සංස්කෘතියට විශාල බලපෑමක් සිදුවනවා සේම උතුරේ පාරම්පරික සිංහල ජනතාවගේ ජනජීවිතයටද අයහපත් බලපෑම් එල්ල වන වග අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.