මගේ පුටුවේ කෙනෙක් වාඩිවීම මට ගැටලුවක් නොවේ… කතා නායක…………

speakers-seatතමාගේ පුටුවේ කෙනෙකු වාඩිවිම තමන්ට ලොකු ප්‍රශ්නයක් නොවන අතර ඊට වඩා දැවෙන ප්‍රශ්න රට තුළ තිබෙනවා යැයි කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදි ඊයේ (22) ප්‍රකාශ කළේය.

මෙගේ පුටුවේ වාඩිවිම මට ලොකු ප්‍රශ්නයක් නොවෙයි. ඕන වෙලාවක මම මේ පුටුව දෙන්න ලැහැස්තියිෙ යනුවෙන්ද කතානායකවරයා කීය. කතානායක අසුනේ පාර්ලිමේන්තු නිලධාරියෙකු අසුන් ගැනිම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළ පසු මාධ්‍යවේදින්ට එම නිලධාරියා තර්ජනය කර ඇති බවට එ.ජා.ප මන්ත්‍රී රංජිත් අලූවිහාරේ හා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මුලාසනයේ අවධානයට ලක් කළ අවස්ථාවේ කතානායකවරයා මේ බව කීවේය.

මාධ්‍යවේදින්ට නිලධාරියෙකු තර්ජනය කර ඇති නම් ඒ ගැන ලිඛිතව දැනුම් දෙන ලෙස කී කතානායකවරයා ඒ සම්බන්ධයෙන් පරික්ෂණ්‍කයක් කරනා බවද කීවේය.

රංජිත් අලූවිහාරේ මහතා – නිලධාරියෙකු ඔබතුමාගේ ආසනයේ අසුන් ගැනිම සම්බන්ධයෙන් මම පැමිණිලි කලා. ඒ ලිපිය මම මාධ්‍යයටත් දුන්නා. එම ප්‍රවෘත්තිය වාර්තා කළ මාධ්‍යවේදින් දෙදෙනෙකුට එම නිලධාරියා තර්ජනය කර තියෙනවා.

කතානායක – ඒ ගැන මට ලිඛිතව දැනුම් දෙන්න කියන්න. මගේ පුටුවේ ඉද ගැනිම එතරම් ප්‍රශ්නයක් නොවෙයි. මගේ පුටුව ගැන මමයි බලන්න ඕනේ.

රංජිත් අලූවිහාරේ මහතා – මේ පරික්ෂණය කරන්න සෙනවිරත්න මහතාව පත් කරන්න.

කතානායක – මේක ඇතුලේ ප්‍රශ්නයක්. මගේ පුටුව මට ලොකු ප්‍රශ්නයක් නොවෙයි. ඊට වඩා දැවෙන ප්‍රශ්න රටේ තියෙනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා – චෝදනාවකට ලක්ව සිටින නිලධාරියෙකු මාධ්‍යයට බලපෑම් කරන්න බැහැ. මේක මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක්. ජනමාධ්‍යවේදින් දඩබ්බර නිලධාරින්ගෙන් බේරා ගැනිම කතානායකතුමාගේ වගකිමක්.

කතානායක – ඒ ගැන මම බලන්නම්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.