මන්තී‍්‍රවරුන්ගේ වාහන අවභාවිතය පිළිබඳව නිසි පරිදි විමර්ශන පවත්වා නැතැයි දිල්රුක්ෂි වික‍්‍රමසිංහට චෝදනා

dilrukshi-wickremasinghe

අල්ලස් හෝ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය ලෙස කටයුතු කල දිල්රුක්ෂි වික‍්‍රමසිංහ මන්තී‍්‍රවරුන් තමන්ගේ වාහනඅවභාවිතා කිිරීම සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන පවත්වා නැතැයි නීතිවේදියෙක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට පැමිණිලිකර තිබේ. නීතිවේදී නාගහනන්ද කොඩිතුවක්කු පවසන පරිදි මන්තී‍්‍රවරුන් තමන්ගේ වාහන බලපත‍්‍ර අවභාවිත කිරීම නිසා රජයටකෝටි ගනනක් පාඩු සිදුවී තිබේ. ඔහු පවසන පරිදි 33, 459, 250 ක් වූ ටොයෝටා ලෑන්ඞ් කූසර් රථයක් රුපියල් 1750ක් පමණක්ගෙ වීමෙන් මන්තී‍්‍රවරුන් එම වාහන ලබාගෙන ඇත. මේ නිසා රජයට සිදුවූ පාඩුව අයකර ගැනීමටත් ඔවුන් මෙම බලපත‍්‍ර අන්අය වෙත පැවරීම නිසා සිදුවූ අකටයුත්ත පිළිබඳවත් අධ්‍යක්ෂක ජෙනරාල්වරිය නිසි පියවර ගෙන නැතැයි නීතිවේදී කියා සිටියි. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන මන්තී‍්‍රවරුන් වන්නේ මහරුෆ් ඉම්රාන්, නිශාන්ත ද සිල්වා, පාලිත කුමාර තෙවරප්පෙරුම, මොහාන් ලාල් ගේ‍්‍රරු, කාංචන විජේසේකර, අනුර සුජීව සේනසිංහ, නිශාන්ත මුතුහෙට්ටිගම, විමලවීර දිසානායක, රොමේෂ් පතිරණ, සරත් නිශාන්ත පෙරේරා, වසන්ත ලක්ෂ්මන් අළුවිහාරේ, වසන්ත සේනානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, අකලංක බුද්ධික පතිරණ, සිවප‍්‍රකාශම් සිවමෝහන්, චමල් ජයන්ත රාජපක්ෂ, සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ, සිසිර කුමාර ජයකොඩි, සිවයානම් සිරිත‍්‍ර ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.