මන්තී‍්‍ර පදනමේ තොරතුරු හෙලිවේද?

foundationපාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙක්ම තම තමන්ගේ පදනම් පිහිටුවීම ආරම්භ කොට ඇත. මෙම පදනම් වලට තමන්ගේම අරමුදල් සම්පාදනය කල හැකිය. තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ සම්මන්ත‍්‍රණයකට සහභාගී වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියා සිටියේ රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ තොරතුරු එළිදරව් කිරීමට සූදානම් විය යුතු බවයි. මෙම පදනම් වල තොරතුරුඒ ආකාරයෙන්ම හෙලිිදරව් වේද යන්න පිළිබඳව දැන ගන්නට නැත. පදනම් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට පනත් ඉදිරිපත් කල මන්තී‍්‍රවරු අතර එස්.බී නාවින්න මහතාගේ නාවින්න පදනම, සිසිර ජයකොඩිගේ සියපත් පදනම, රාජිත සේනාරත්න පදනම,අරුන්ධික ප‍්‍රනාන්දු සහනසේවා පදනම, ගොඞ්රි ප‍්‍රනාන්දු අනුස්මරණ පදනම, හස්බුල්ලා පදනම, සුසන්ත පුංචිනිලමේ පදනම,රොෂාන් රණසිංහගේ ජනසහන පදනම සහ සුජීව සේනසිංහ පදනමද වේ. මේ අතරවාරයේ මියගිය මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු වෙනුවෙන්ද පදනම් පිළිබඳ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇත. ඒ බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මන්තී‍්‍රවරයා සහ එම්.කේ. ඞී. එස් ගුණවර්ධන මන්තී‍්‍රවරයා වෙනුවෙන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.