මනාලිය නැති මගුල් ගෙදර යාපනේ

dddb

දකුණේ කලාකරුවන්, ලේඛකයන් සහ සරසවි සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් ලියැවුන පොත් 10000 ක් යාපනය පුස්තකාලයට පරිත්‍යාග  කිරීමට ගිය ගමන මනාළිය නැති මගුල් ගෙදරක් විය.

මීට දශක කීපයකට පෙර ගිනිබත් කෙරුණු යාපනය පුස්තකාලය ගිනි ගැන්වී  විරසක  වූ සිත් යා  කරන්නට උපුල් ශාන්ත සනස්ගල, ගාමිණී වියන්ගොඩ ,ධර්මසේන පතිරාජ ආදීන් මේ ගමනට එක්ව සිටියහ.ගැමන න ගිය බව

පොත් පරිත්‍යාගය  නිසැක වශයෙන් බිඳුණු සිත තැවරු සදුන් කල්කයක් වූ නමුත් එක් වැදගත් කරුණක් යටපත් විය.

 

කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් විසින් දෙමළ භාෂාවට පරිවර්තනය කළ උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා ග්‍රන්ථය සහ සිංහලට නැගුණු වීඅයිඑස් ජෙයපාලන්ගේ කෙටි නව කතා තුනක්  මෙම උත්සවයේදී එළිදැක්විනි.

සන්නස්ගල එහි සිටියත් ජෙයපාලන් කවියා එහි නොවීය.

ඒ  නොර්වේ රට සිට ලංකාවට පැමිණි ජෙයපාලන් කවියා හට වීසා බලපත්‍රයක් නොලැබීමේ හේතුවෙනි.

 

151129163215_jaffna_library_624x351_bbc (1)

සමකාලීන ශ්‍රී ලාංකික දෙමළ කවියේ පුරෝගාමියකු ලෙස සැළකෙන ජෙයපාලන් කවියා

තමන්ගේ සෙක්කු ගොනා  පොත සිංහලයට නැගී එලි දැක්වෙද්දී එහි සිටින්නට සුදානම් වුයේ මාස කීපයක පෙරය.

ඉදිරිපත් කරන ලද වීසා අයදුම්පත ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කල බ ආරංචි වූ විට ඔහු මුණු පොතේ මෙසේ කියා සිටියේය.

 

‘‘ හෙට හවස යාපනය සරසවියෙ 230 ශාලාවෙ මගේ කෙටි නවකතා තුනක සිංහල පරිවර්තන ජනගත වෙනවා. මේ පරිවර්තන කරලා තියෙන්නෙ සාමිනාදන් විමල් සහෝදරයා. ඔහු සිංහල ලේඛකයකු වන උපුල් ශාන්ත සන්නස්ගලගෙ නවකතාවකුත් පරිවර්තනය කරලා තියෙනවා. අලුත් ආණ්ඩුව මගේ වීසා අයදුම් ප්‍රතික්ෂේප කරපු හින්දා, මේ උත්සවයට සහභාගී වෙන්න මට වරම් නැ. ‘‘

මේ සටහන පිළිබඳව මංජුල වෙඩිවර්ධන තැබූ සටහනක් මේ

ජයපාලන්ගෙ මේ සටහන මොන තරම් සංවේගජනකද? සමස්ථ ලාංකීය කවිය ඔසවා තබන්න මොන තරම් සම්ප්‍රදානයක් කරපු කවියෙක්ද මේ…..සහෝදර සිංහලයා ගැන, සහෝදර මුසල්මානුවා ගැන මේ තරම් හෘදයාංගමව ලියපු කිසිම කවියෙක් සාහිත්‍ය ඉතිහාසය තුළ නෑ. නමුත් ඔහුට තමන්ගෙ පොතක් සිංහලෙන් එළි දකින එකටවත් එන්න වීසා අවසරය නෑ. පොත ගැන කතාව කෙසේ වෙතත් තමන්ගෙ මව්බිමේ, හතර රියනක තැතපිලා ඉන්න තමන්ගෙ මව්නගෙ සොහොන් කොත අබියසට ඇවිල්ලා එක කඳුළක් ඒ සොහොන් ‍බිම රඳවන්නවත් වරම් නෑ.

මහතුනි කොරන යහපාලනේ කාරියා

තොපටත් ඉතින් පායනවානෙ සූරියා…

+++++++++++++

මංජුල වෙඩිවර්ධන

Manjula Wediwardana

මෙයට හරියටම දෙවසරකට ඉහත, ජයපාලන් සිය ‘‘මාතෘභූමියෙන්‘‘ පිටුවහල් කළ මොහොතේ හිත නැඟුණු වේදනාවද කෝපයද සමනය කරගනු වස් මවිසින් ලියැවුණු ආවේග පෙළ යළි මෙහි උපුටන්නට අවසර.

අම්මගෙ මළගමට

එන්නට නොහැකි වුණු පුතෙකුට

වසර හතකට පසු

ඇගෙ සොහොන්කොත අතගා

කඳුළු බිඳුවක සීතල

විඳින්නටවත් ඉඩ නැති

අම්මගේ රටක් මෙය.

පුරවැසි බවද ප්‍රශ්නය

සෙනඟ විතරක් සිටිනා

පුරවැසියකුදු නැති රටකට?

පුරවැසියන්ගෙ අත්බැඳ

හෙලුකොට්ටෙන් තබා

වෙඩි තියන රටකට

අම්මගෙ සොහොන් කොත ළඟ

කිරි සුවඳ ඇහිඳින

කවි‍යෙකුද ප්‍රශ්නය

අම්මගෙ රටක් මෙය.

පුරවැසියන් ඇවිත්

වතුර ඉල්ලනකොට

උණ්ඩ ගිල්ලන රටකට

පුරවැසි බවද ප්‍රශ්නය?

ආඩම්බරය හැර

අන් කිසිදු හසරක් නැති

හීනෙනුත් හිනැහෙන

එක තාත්තෙකු මිස

හිනාවෙන්නට හැකි

එකදු අම්මකු නැති

අම්මගෙ රටක් මෙය.

2013 නොවැම්බර් 25

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.