මර්වින් සමඟ ආණ්ඩුවත් තාප්පයට…………..

marvin-silvaමර්වින් සිල්වා ඇමතිවරයා ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස සිදු කළ නොමනා ක්‍රියා වලට ආණ්ඩුවත් වග කිවයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත. මෙය ඉතා වැදගත් තීන්දුවක් වන්නේ මෙය සෙසු ඇමතිවරුන්ටත් බලපෑමට ඉඩ ඇති හෙයිනි. කෙසේ වෙතත් මෙහිදී මෙම මුදල් ගෙවීමට සිදු වන්නේ බදු මුදල් ගෙවන ජනතාවටය.  කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අසිත නානායක්‌කාර ලියනගේ නමැත්තාට රුපියල් ලක්‍ෂ හතරක වන්දියක්‌ ගෙවන ලෙස හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය

බැකෝකරණය
කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රයක්‌ උපයෝගී කර ගනිමින් කිසිදු සාධාරණ හේතුවක්‌ නොමැතිව සිය නිවසේ තාප්පය හා නිවසේ කොටසක්‌ කඩා දැමීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව පෙන්වා දෙමින් අසිත නානායක්‌කාර නමැත්තා ගොනු කර තිබූ පෙත්සමක්‌ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊවා වනසුන්දර, අනිල් ගුණරත්න හා කේ. ටී. චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

මූලික අයිතිවාසිකම් පෙත්සමේ හතර වන වගඋත්තරකරු ලෙස නම්කොට තිබූ කිරිබත්ගොඩ පොලිසියේ ස්‌ථානාධිපතිවරයා ලෙස සේවය කළ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චමින්ද එදිරිසූරිය නමැත්තා ද පෙත්සම්කරුට රුපියල් 50,000 ක වන්දියක්‌ පෞද්ගලිකව ගෙවිය යුතු බවත් විනිසුරු ම`ඩුල්ල එහිදී නියෝග කළේය. එකී ක්‍රියාව රජයේ වාහනයක්‌ වන බැකෝ යන්ත්‍රයක්‌ උපයෝගී කරගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසට ද විනිසුරු මඬුල්ල එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම්කොට තිබූ පොලිස්‌පතිවරයාට නියම කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.