මල්වතු මහනාහිමියන්ගෙන් තවත් අනගි කතාවක්……..

thibbatuwawe-sri-sumangala-theroමේ යුගයේ සිටින විශිෂ්ඨතම දේශපාලඥයා කවුදැයි විමසුව හොත් ලබා දිය හැකි පිළිතුර වන්නේ ඒ අන් කවරෙකුවත් නොව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල හිමිපාණන් බවයි. උන් වහන්සේ ඉතා ප‍්‍රවේශමෙන් ශී‍්‍ර ලංකාව සංහිඳියාවේ තෙර කරා ගෙන යන ආකාරයක්පෙනෙන්නට තිබේ. මෙරට සංචාරයක නිරත වූ ස්විට්සර්ලන්තයේ කතානායිකා කි‍්‍රස්ටා මාර්කෝල් මුණ ගැසුනු අවස්ථාවේ මල්වතු මහානාහිමියන් කියා සිටියේ ශී‍්‍ර ලංකාව පිළිබඳ වෙනත් ප‍්‍රතිරූපයක් ජාත්‍යන්තරය ඉදිරියේ මවා පෙන්වා ඇති නමුත් මෙරට ජනතාව අතර සැබෑ සහජීවනයක් ඇති බවයි. අනෙක් අතට විමල් වීරවංස ඇතුළු පිරිස පටු දේශපාලන වාසි ලබා ගැනීමේ උවමනාවෙන් අළුත් ව්‍යවස්ථාවේ ඇති දේශද්‍රෝහී වගන්ති පිළිබඳව උන් වහන්සේ දැනුවත් කිරීමට ගිය අවස්ථාවේ තාමත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර නොමැති හෙයින් කලබල නොවන්නැයි ශාන්තව විමල් වීරවංශ ඇතුළු පිරිසට කියා සිටියහ. නව ජනාධිපතිවරයා දිව්රුම් දීමෙන් අනතුරුව මල්වතු මහනාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී උන් වහන්සේ කියා සිටියේ පොදු ජනතාවගෙන් විශේෂයෙන්ම ගම්බද දුප්පත් ජනතාවගෙන් ඈත් නොවී රාජ්‍ය පාලනය කරන ලෙසයි. පොදු ජනතාවට තමන්ගේ ඉල්ලීම් පතා පාරට බසින තැනට හේතුවන රාජ්‍ය පාලනයක් ගෙන යන්න එපා යැයි උන් වහන්සේ කියා සිටියහ. පසුගිය සමයක සරත් ෆොන්සේකා අයුක්ති සහගත ලෙස දණ්ඩන සංග‍්‍රහයකට යටත් කල විට උන් වහන්සේ සියළු භික්ෂුන් වහන්සේලා එක්රැස් කොට ඒ පිළිබඳව කතාකාවතක් ඇති කර ගැනීමට උත්සාහ කල නමුත් එවකට රාජ්‍ය මෙහෙයවූ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස උන්වහන්සේ දැඩි පීඩනයකට ලක් කලහ. එහෙත් උන්වහන්සේ නොසැලී තමන්ගේ මතය පලකර සිටියහ. රනිල්, චන්ද්‍රිකා හා මෛතී‍්‍රට උන් වහන්සේ කියා සිටියේ ඔබ භේද කිරීමට බොහෝ දෙනා සිටිති. එහෙත් ඒවාට අහු වෙන්න එපා කියාය. මේ ආකාරයට නූතන ශී‍්‍ර ලංකාව තුල නව සමාජ පෙරලියකට ඉතා තැන්පත් ණැනින් යුතුව උන්වහන්සේ මග පෙන්වන බවක් පෙනෙන්ට තිබේ. උන්වහන්සේ ආරක්ෂා කර ගැනීම සියළු ප‍්‍රගතිශීලී බලවේග වල වගකීම බව පෙනෙන්ට තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.