මල්වතු මහා නාහිමි ගෙන් තවත් අභීත ප්‍රකාශයක්……………

malwathu-maha-nayakaමල්වතු මහා නා හිමියන් නිර්භයව අදහස් දක්වන යතිවරයානන් කෙනෙක් බව lankanewsline.com මීට කලින් වතාවක ලිවීය. යළිත් වතාවක් උන්වන්සේ උඩු ගඟ තරණය කරන ප්‍රකාශයක් සිදු කොට ඇත. ඒ නවආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂ බව ප්‍රකාශ කරමිනි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රජය යටතේ සම්මත කරගත නොහැකි වුවොත් යළි අවස්ථාවක් නොමැති බවත් දේශපාලනික වශයෙන් අනාගතයක් නොමැති පිරිස් විසින් වත්මන් ආණ්ඩුවේ ගමනට බාධා කරමින් සිටින විට ඒ පිළිබඳව සැළැකිලිමත් නොවී මෙම වසර පහ ගතවීමට මත්තෙන් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ක්‍රියා කළ යුතු බවද තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහානාහිමියෝ පැවැසුහ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හමුවු අවස්ථාවේදී මේ බව මල්වතු හිමියෝ කීහ. මල්වතු මහ නා හිමියන් මේ ප්‍රකාශ කරන්නේ දැඩි අභ්‍යන්තර විරෝධතා බව තතු දන්න්සෝ කියති. උන්වන්සේ නොමසුරුව ලබා දෙන ආශීර්වාදාත්මක ප්‍රකාශ වලින් ආණ්ඩුවේ බලය මෙහය වන උදවිය නිසි ප්‍රයෝජන ගන්නේද යන්න ප්‍රශ්නයකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.