මවුබිමෙන් බුරුතු පිටින් අස් වෙති……………..

maubimaමවුබිම කර්තෘ මාණ්ඩලිකයින් තිදෙනෙක් අස්කිරීමෙන් අනතුරුව තවත් සේවකයින් විසිපස් දෙනෙක් පමණ එකවර අස් වී ඇත. හිටපු මවුබිම කර්තෘ තුෂාර ගුණරත්න ගේ ඥාතියෙක් වන මුල්‍ය සහ වෙළඳ කර්තෘ සඳුන් ජීවන්ත ගේ වැඩ තහනම් කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ කැරලිකරුවන් පීරිස අළුත් මාධ්‍ය ජාලයට එක්වන පීරිස වහාම ඉල්ලා අස්ව්ය යුතු බවට පණිවිඩයක් යවා ඇත.

මේ අනුව කර්තෘ මාණ්ඩලිකයින් විසිපස් දෙනෙක් පමණ කලමණාකාර අධ්‍යක්ෂ අශෝක ඩයස් වෙත තම ඉල්ලා අස්වීම භාර දී ඇත.මෙම පිරිස බම්බලපිටියේ පිහිටි නව මධ්‍ය සැලසුම් ඒකකය වාර්තා කොට අළුතින් පිහිටුවීමට යන මාධ්‍ය ජාලයටඑක්වීමට නියමිතය. මවුබිම සේවකයින් හට පෙර කළ වැටුප් වැඩිකිරීමක් රුපියල් දෙදහස් පන්සීයේ වැටුප් වැඩි කිරීමට හිලව් කොට ඔවුන්ට වංචා කිරීම සම්බන්ධයෙන් සේවකයින් තුල දැඩි නොසතුටක් තිබීමත් මෙම සමුහ නික්ම යෑමට හේතු වී ඇත. සේවක සුභ සාධක සංගමය  පිළිබඳව සේවකයින් දැඩි නොසතුටකින් සිටීමත් සේවක සුභ සාධක සංගමය සඳහා වැටුපෙන් මාසිකව කපා ගත් මුදල තෝරාගත් සාද වලට වැය කිරීමේ හේතුවන් ඊට විරෝධය පළ කිරීමක් ලෙසින් සේවකයින් සිය ගණනක් එකම දිනයක ඉල්ලා අස්වුහ.

මෙම මාධ්‍ය ජාලය ස්වර්ණවාහිනිය මිළදී ගැනීමට නියමිත බවත් මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ ප්ර්පෙචුවල් ට්‍රේශරීස් සමාගම මීට සම්බ්න්ධ බව ආරංචි පැතිර යමින් පවතී. මේ සියලු දෙනාටම පෙරට වඩා වැඩි වැටුපක් ලබා දීමට තුෂාර ගුණරත්න පොරොන්දු වී ඇත. පීරිස ඉල්ලා අස්වීමත් සමඟම මවුබිම දිනපතා සහ ඉරිදා පුවත් පත් පවත්වා ගැනීම දුෂ්කර විය හැකි නමුත් ශුර
මාධ්‍ය පරිපාලකයෙක් වන අශෝක ඩයස් මේ පිළිබඳව දැනුවත්ව සිටින හෙයින් මේ අභියෝගය ජය ගැනීමට
ඉඩ තිබෙන බව අප ආරංචි මාර්ග කියා සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.